SDIG නිලන්තට මරණ දඬුවමම දිය යුතුයි. මෛත්‍රී, ගෝඨා, රනිල්වත් උසාවි ගේන්න – කතෝලික සභාව ජනපතිගෙන් ඉල්ලයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාව පොලිස් සේවයෙන් පහකරන ලෙස කතෝලික සභාව පසුගිය රජයන් තුනකින් ඉල්ලා සිටි නමුත් එය ඉටු නොවුණු බවත් එම ඉල්ලීම ඉටුකිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට විශේෂයෙන් ස්තූතිවන්ත වන බවත් කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

“නිලන්ත ජයවර්ධන මහත්මයා කියන්නෙ මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක්. ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා අපි අවුරුදු හයක් තිස්සේ ඉල්ලීම් කළා රජයන් තුනකට. ඒ රජයන් තුනම ඒ කාරණය පැහැර හැරියා. නිලන්ත ජයවර්ධන මහත්මයාව තනතුරෙන් පහකිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. නිලන්ත ජයවර්ධන මහත්මයාව අධිකරණයට අරගෙන නිවැරදි පරීක්ෂණයක් කළොත් අපිට දැනගන්නට ලැබෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ ගැන දැනුවත්වද සිංගප්පූරුවට ගියේ කියලා. එහෙම දැනුවත්ව ගියා නම් ඒක කාගෙ වුවමනාවකටද කළේ ? බුද්ධි අංශ ප්‍රධානියෙක් තමන්ට බුද්ධි තොරතුරු ලැබිලාත් ඒක නිසි කළමනාකරණය කරන්නේ නැතිව සිටීම මගේ හැඟීම අනුව නම් ජීවිතාන්තය දක්වා නෙවෙයි මරණ දඬුවමම දියයුතු වරදක්. අනුර කුමාර දිසානායක මහතාගෙන් අපි ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා මෛත්‍රීපාලව, ගෝඨාභයව, රනිල් වික්‍රමසිංහව ගේන්න අධිකරණයට. ගෙනල්ලා මේකෙ සුලමුල හොයන්න”

ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා මේ බව පැවසුවේ ඊයේ (21) කොළඹදී කතෝලික සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...