නුවනිඳුගෙන් ශතකයක්

නිශ්මං රණසිංහ ජූලි 21, කොළඹ LNW:

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම අතර පැවත්වෙන දෙවන සිව් දින තරගයේ පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුළු හතරක් දැවී ලකුණු 263 ක් රැස් කරගෙන සිටිනවා.මේ සංචාරය පුරාම ලකුණු අතර සිටින නුවනිඳු ප්‍රනාන්දු පිතිකරණයේ දී යළිත් දක්ෂතා දක්වමින් ශතකයක් රැස් කරන්නට සමත් විය.ලහිරු උදාර නවත අසාර්ථක වෙමින් ලකුණු 12 ට දැවී ගිය විට මුළු ලකුණු ප්‍රමාණය 18 ක් පමණක් විය.එතැන් සිට දෙවන කඩුල්ලට කමිල් මිෂාර (81) සමඟ එකතු වූ නුවනිඳු ලකුණු 116 ක සබඳතාවයක් පැවත්වීය.


ලකුණු 18 දී කඩුල්ලට පැමිණි නුවනිදු,ඉවසිලිවන්ත ඉණිමක් ක්‍රීඩා කරමින් පන්දු 234 දී හතරේ පහර හතක් සහ හයේ පහර එකක් සමඟ ලකුණු 102 දී දැවී යන විට මුළු ලකුණු පූවරුව 245 ක් ව තිබිණ.කඩුල්ලේ රැදී සිටින පවන් රත්නායක නොදැවී ලකුණු 43 ක් ද සොනාල් දිනූෂ නොදැවී ලකුණු 5 ක් ද ලබා නොදැවී සිටිති.
ලකුණු පූවරුවට මෙතනින් පිවිසිය හැකිය. https://bit.ly/4lENMus

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...