රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW:
ත්‍රිකුණාමල වරායේ ‘බූම් කෝව්’ (Boom Cove) ප්‍රදේශයේ තෙල් කාන්දුවක් සිදුවීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම තෙල් තට්ටුව දළ වශයෙන් මීටර් හතක දිගකින් සහ මීටර් දෙකක පළලකින් යුක්ත විය.
තෙල් ඉවත් කිරීම සඳහා වෙරළාරක්ෂක නිලධාරීන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති අතර, තෙල් තවදුරටත් පැතිරීම පාලනය කිරීමට සහ අවට සමුද්‍ර පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීමට ඔවුන් විසින් තෙල් උරා ගන්නා ද්‍රව්‍ය (absorbent materials) භාවිතා කරනු ලැබීය.


