සෘජු විදේශ ආයෝජනවල 101% ක වැඩි වීමක්!

කොළඹ LNW:මේ වසරේ මුල් මාස හය තුළ සෘජු විදේශ ආයෝජන ගලා ඒම පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 101% කින් වර්ධනය වී ඇති බව ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.

ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන දත්ත අනුව වසරේ මුල් මාස හය තුළ ඇමරිකන් මිලියන 507 ඉක්මවන ආයෝජන රටට ලැබී තිබේ.

2024 වසරේ දී අදාල කාල පරිච්ඡේදය තුළ ලැබී තිබුණු සෘජු විදේශ ආයෝජනවල වටිනාකම ඩොලර් මිලියන 252 කි.

2025 වසරේ මුල් මාස හය තුළ ඩොලර් මිලියන 569 ක වටිනාකමකින් යුතු ව්‍යාපෘති 57 ක් අනුමත කර තිබෙන අතර ඉන් ඩොලර් මිලියන 320 ක් විදේශ ආයෝජන වේ.

මෙම ව්‍යාපෘති අතර හරිත ක්ෂේත්‍රයට අයත් ව්‍යාපෘති 31 ක් සහ දැනට පවතින ව්‍යාපෘති 26 කට අදාල පුළුල් කිරීම් ඇතුළත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...