Papa Jake ගේ අවසන් ගමන!

Date:

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ LNW :

වයස අවුරුදු 102ක් වූ දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුමෙන්ම සමාජ මාධ්‍ය තුල ‘පපා ජේක්’ Papa Jake නමින් ප්‍රසිද්ධව සිටින ජේක් ලාර්සන් මියගොස් තිබෙන බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලාර්සන්, 1944දී නාසි ජර්මනියෙට එරෙහිව, උතුරු ප්‍රංශයේදී පැවති D-Day වෙරළ බැසීමේ මෙහෙයුමට සහභාගී වූ මිත්‍ර හමුදා සාමාජිකයෙක් ද වේ.

ඔහු, Bulge සටනේදී ද එක්සත් ජනපද හමුදාව නියෝජනය කළ අතර, එවකට වයස අවුරුදු 19ක් වූ ඔහු උතුරු අයර්ලන්තයේ ලුර්ගන් නගරයේ ස්ථානගත වී සිට තිබෙන බව සඳහන් වේ.

ඔහු මියයාමට සති තුනකට පෙර දෙවන ලෝක යුද්ධයේ විශේෂ මෙහෙයුමක් සිදුකළ “D-Day” නමින් හඳුන්වන දිනයෙ හි 80 වන සංවත්සරය සමරමින් විදෙස් මාධ්‍ය සමඟ සිදුකළ සම්මුක සාකච්ඡාව සඳහා එමී සම්මානයක් දිනා ගත්තේය.

සමාජ මාධ්‍ය වැලඳ ගත් ලාර්සන්ට TikTokහි අනුගාමිකයින් මිලියන 1.2 ක් සිටින අතර ඒ හරහා ඔහු දෙවන ලෝක යුද්ධයේ සහ ඔහුගේ මියගිය සගයන් සම්බන්ධ මතකයන් කථාකරමින් සමාජය සමඟ බෙදා ගනු ලැබූ අතර, ඔහුගේ මිනිබිරිය මැකේලා ලාර්සන් සමාජ මාධ්‍ය හරහා පවසා ඇත්තේ ඔහු ජූලි 17 වනදා මියගිය බවත් අවසන් මොහොත දක්වාම ඉතාම සතුටින් ඔහු ජීවත් වූ බවත්ය. දෙවන ලෝක යුද්ධයේදී බල්ජ් සටනේදී ඔහු එක්සත් ජනපද හමුදාවේ ද සේවය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්ත ලෙජන්ඩ් ඇන්ඩර්සන්ට නයිට් පදවියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW):  එංගලන්තය වෙනුවෙන් මෙතෙක්...

අස්ථි බිඳීම් සුව කිරීමට මිනිත්තු තුනක්? චීනයේ අද්භූත ‘Bone-02’ අලේපනය

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 30, ලෝකය (LNW): චීන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්...

කටයි වැඩයි පාලනය කර ගන්න නොදන්න ගම්භීර්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW: ගෞතම් ගම්බීර් තරමක ආන්දෝලනයට...

මතක තියා ගන්න මේක උන්ට ගිය රට නෙවෙයි – ‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි!

කොළඹ LNW:සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු...