භාණ්ඩ වෙළඳ පරිමාව අනුව චීනය ‍යළිත් පෙරමුණේ!

කොළඹ LNW:ලෝකයේ භාණ්ඩ වෙළඳ පරිමාව අනුව චීනය වසර 8ක් අඛණ්ඩව ලොව පෙරමුණේ පසුවනවා.

එරට ‘14 වැනි පස්අවුරුදු සැලසුම් කාලය’(2021-2025) තුළ, චීනයේ විදේශ වෙළඳ පරිමාව අඛණ්ඩ ව පුළුල් වී ඇති අතර පසුගිය වසරේ භාණ්ඩ ගනුදෙනු වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 6.16ක් බව වාර්තා වනවා. එය පසුගිය වර්ෂයන්ට සාපේක්ෂව 32.4%කින් වැඩි වීමක්. ඒ අනුව අඛණ්ඩව වසර 8ක් ලොව පළමුවැනි ස්ථානයේ රැඳී සිටීමට හැකි වීම විශේෂත්වයක්.

එමෙන්ම, සේවා වෙළඳාමේ පරිමාව පසුගිය වසරේ ප්‍රථම වරට ඇ.ඩො. ට්‍රිලියනය ඉක්මවා ලෝකයේ දෙවැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා

ව්‍යුහාත්මක වශයෙන් 2024 වසරේ චීනයේ අන්තර්ජාතික ඊ-වාණිජ්‍ය ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 2.7ක්. ගෙවී ගිය වසර 5 තුළ, එහි 67%ක වැඩිවීමක් දක්නට ලැබෙනවා. එමෙන්ම, භාණ්ඩ වෙළඳාම සඳහා පසුගිය වසරේ අධි තාක්ෂණික නිෂ්පාදන අපනයනය 18.2%ක අගයක් ගන්නා බව ද වාර්තා වනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...