රාජ්‍ය පාලනයට අපේ සම්බන්ධයක් නැහැ.අපි ඉල්ලන්නේ සාධාරණ පරීක්ෂණය!

Date:

කොළඹ LNW:රාජ්‍ය පාලනයට කාදිනල් හිමියන් හෝ කතෝලික සභාව මැදිහත් නොවන අතර ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන සාධාරණව සිදුකිරීම බව යැයි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පැවසූහ.

සිරිල් ගාමිණී පියතුමන් මේ බව සඳහන් කළේ අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් නිර්දේශ ක්‍රියාත්මක කළ පරිද්දෙන් චෝදනා ලබා සිටින සෙසු පුද්ගලයින් සඳහාද එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි පියතුමන් පැවසුවේ.

ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන නිලධාරීන් පත් කිරීම ගැන ජනාධිපතිවරයාගෙන් හෝ වෙනත් පාර්ශවයකගෙන් කාදිනල් හිමියන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටියදී සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලීම සිදුකළ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

”අපි ඉල්ලුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මාරුකර යැවූ මුල සිටම පරීක්ෂණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අයව නැවත පරීක්ෂණයයට යොමුකරන්න කියලා. නම් වශයෙන් සදහන් කරලා කවුරුවත් පත්කරන්න කියලා කාදිනල් හිමියන් ඉල්ලලා නෑ. ඒ ප්‍රකාශය හෙළා දකිනවා. තව ප්‍රකාශයක් යනවා හමුදාපතිට සේවා දිගුවක් ඉල්ලුවා කියලා. ඒකත් ප්‍රතික්ෂේප කරනවා. රාජ්‍ය පාලනයට කාදිනල් හිමියන් හෝ කතෝලික සභාව මැදිහත් වෙන්නෙ නෑ. විමර්ශන සාධාරණව කරන්න කියන එක තමයි අපේ එකම ඉල්ලීම.

මේ අතර කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් ඊයේ දින මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද සිරිල් ගාමිණී පියතුමා අදහස් දැක්වීය.

”ජූඩ් පියතුමන් කියන්නේ තමන්ගේ මතයට අනුව මරන දඩුවම දිය යුතුයි කියලා. ඒක කතෝලික සභාවේ මතය නෙවෙයි. දඩුවම් දීම අධිකරණයේ කටයුක්තක්. අපේ උවමනාව සත්‍ය සෙවීම. අධිකරණය තමයි දෙන දඩුවම තීරණය කරන්නේ. විශ්ව කතෝලික සභාව මරණ දඩුවම ප්‍රතික්ෂේප කරනවා. ජූඩ් පියතුමා දැන් ඉන්නේ නුවර. උන්වහන්සේ මට කතාකරලා කිව්වා ඒක නිවැරදි කරන්න කියලා.”

මේ වන විට පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන පිළිවෙලකට සිදුකරන බවද සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...