වැඩිහිටියන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සිටින සියළුම වියපත් පුද්ගලයන්ට අභිමානයෙන් සහ ආරක්ෂා සහිතව සෞඛ්‍ය සේවා, ආදායම් සහ සමාජ ආරක්ෂාව සඳහා සමාන ප්‍රවේශයක් සැකසීම සහ තම පවුල සහ ප්‍රජා ජීවිතයේ විවිධ විශේෂ අවස්ථාවලට සහභාගිවීමට ඇති අයිතිය තහවුරු කිරීමේ දැක්ම සහිතව නව වැඩිහිටි ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම ආරම්භ කර තිබේ.

2006 වර්ෂයේ සකස් කළ වැඩිහිටියන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් වර්තමානයේ ක්‍රියාත්මක වන අතර නව ප්‍රතිපත්තියක අවශ්‍යතාව හඳුනාගනිමින් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ වැඩිහිටියන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මගින් මෙම කෙටුම්පත සකස් කිරීම සිදුකරනු ලබයි.

එහි මූලික පියවරයන් මේ වන විට අවසන්ව පවතින අතර කෙටුම්පත සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන, සංවිධාන සහ විශේෂඥ පුද්ගලයන්ගේ අදහස් විමසීමේ වැඩමුළුවක් අද (21) දින පෙරවරුවේ විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, ආමාත්‍යංශ 19ක නියෝජිතයන්, ශාස්ත්‍රීය හා පර්යේෂණ ආයතන නියෝජිතයන් සහ අන්තර් ජාතික සහයෝගිතා ආයතන නියෝජිතයන් ඇතුළු නිළධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබය ඇතුළු විපක්ෂය සමඟ අඛණ්ඩව වැඩ කිරීමට එජාපයෙන් තීරණයක්!

කොළඹ LNW: සමඟි ජන බලවේගය සහ විපක්ෂයේ සෙසු කණ්ඩායම්...

ඉන්දියාව ලංකාවට පැවරූ අඩු ලකුණු වාර්තාව එංගලන්තය අප්‍රිකාවට පවරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: යමක් සිඳු වූ විට...

නෝර්වේහි පාර්ලිමේන්තු මැතිවරණය අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (08) දින...