වේදනාවක් දී වියානා ඇලේ සැඟව ගිය රජරට සරසවි සිසුවිය!

Date:

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ LNW :

ඊයේ සවස (20) දින මහියංගනය පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේදී වියානා ඇළෙහි ඇල කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරා ගැනීමේදි දියේ ගිලී අතුරුදන් වූ පෙම්වතියගේ සිරුර හමුව තිබේ.

ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපළ ඇළ කණ්ඩිය මතින් ඇවිද සිටියදී සිය සෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා දියට වැටී තිබේ. එම අවස්ථාවේදී පෙම්වතිය ඔහුව බේරා ගැනීමට අත දී ඇති අතර පසුව දෙදෙනාම ඇළට වැටී ඇත.

පසුව එම ස්ථානයෙන් ගිය මහියංගණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර තරුණිය සොයා ගැනීමට ඔවුන්ට හැකිවී නොමැත. කෙසේ නමුත් ඇය සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

අද (21) උදෑසන ඇගේ සිරුර සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 26 හැවිරිදි සිසුවියක් වන අතර ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...