වේදනාවක් දී වියානා ඇලේ සැඟව ගිය රජරට සරසවි සිසුවිය!

Date:

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ LNW :

ඊයේ සවස (20) දින මහියංගනය පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේදී වියානා ඇළෙහි ඇල කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරා ගැනීමේදි දියේ ගිලී අතුරුදන් වූ පෙම්වතියගේ සිරුර හමුව තිබේ.

ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපළ ඇළ කණ්ඩිය මතින් ඇවිද සිටියදී සිය සෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා දියට වැටී තිබේ. එම අවස්ථාවේදී පෙම්වතිය ඔහුව බේරා ගැනීමට අත දී ඇති අතර පසුව දෙදෙනාම ඇළට වැටී ඇත.

පසුව එම ස්ථානයෙන් ගිය මහියංගණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර තරුණිය සොයා ගැනීමට ඔවුන්ට හැකිවී නොමැත. කෙසේ නමුත් ඇය සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

අද (21) උදෑසන ඇගේ සිරුර සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 26 හැවිරිදි සිසුවියක් වන අතර ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...