මහබැංකු පනත් කෙටුම්පත සම්මතයි – මන්ත්‍රීවරු 133ක් ඇවිත් නෑ !

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 42 කින් පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 24ක් පමණි.

මන්ත්‍රීවරුන් 133 දෙනෙකු ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණීම විශේෂ කාරණයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ස හ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනතට විරුද්ධවය.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (20) දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සඳහාවූ විධිවිධාන රැසක් ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පතට ඇතුළත් වේ.

කෙටුම්පතට පක්ෂව හා විපක්ෂව ඡන්දය ප්‍රකාශ වූ ආකාරය මෙන්න

Theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...