වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරියෙක් CID අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ නොවැම්බර් මාසයේ 30 සිදුවූ වව්නතිව් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් කරන ලද ඝාතනයක් බව පෙන්වීම සදහා කුමන්ත්‍රණය කළ බවට සැක පිට තවත් පොලිස් නිළධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශන වලින් අනාවරණය වී ඇති පරිදි එම ඝාතනය සිදුකර ඇත්තේ සහරාන් ඇතුළු කණ්ඩායම විසිනි.

ඒ අනුව එම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ වාන්ඇල පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකි.

වවුනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය සිද්ධ වන අවස්ථාවන වන විට මෙම පොලිස් නිලධාරියා මඩකලපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදු කළ බව තහවුරු කිරීමට බුද්ධි අංශ කටයුතු කර තිබු නමුත් එය සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කළ එකක් බව පාස්කු ප්‍රහාරය සිදු වීමෙන් පසුව ඒ පිළිබඳව කරන ලද විමර්ශන මගින් හෙළිවිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...