*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ගයන්තිකා හොඳ කාලයක් වාර්තා කළත් ඇය හැරෙන්නට සියල්ලන් අවසන් පූර්ව වටයට

ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ ගයන්තිකා අබේරත්න සිය මූලික තරගයේ දී පස්වැන්නා ලෙස තරගය නිමා කළාය.ඇය එහිදී එම ඉසව්ව විනාඩි 2:02.35 න් නිමා කළාය.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් මෙරටින් පිට මීටර් 800ඉසව්ව සඳහා වාර්තා කළ හොඳම කාලය එය ය.
මූලික තරගය අවසානයේ ඇය අවසාන පූර්ව වටයට තෝරාගන්නා ලස ක්‍රිඩිකාවන් 24අතරේ නොසිටියාය.ඇයට හිමිව තිබුණේ 29 වන තැනය.නමුත් ගයන්තිකා තරග වැදි තරගයේ ඇය හැරෙන්නට ඇයට පසුපසින් තරගය නිමා කළ ක්‍රීඩිකාවන්ද අවසාන පූර්ව වටය සඳහා නම් කර තිබිණ.ඒ නිසා අවසනා පූර්ව තරගයට ඇය සහභාගි වූ මූලික තරගයෙන් නොතේරුණ එකම ක්‍රීඩිකාව ගයන්තිකා වූවාය.
එම මූලික තරගයේදී අතර මැද වූ බාධාවකින් ඇඳ වැටුණු ඔස්ට්‍රේලියාවේ කැට්ට්‍රිරියෝනා බිසෙට් තරගය නිමා කළේ අවසාන තරගකාරිය හැටියටය.විනාඩි 2;22.25 ක කාලයක් ගත කරමින් තරගය හමාර කළ ඇයට තරගයේදී ඇඳවැටීමට හේතුව බාධා වීම යන්න සළකා අභියාචනයකින් පසු ඇයට අවසන් පූර්ව තරගයට අවස්ථාව ලබා දෙන්නට උළෙල බලධාරීන් තීරණය කර ඇත.එමෙන්ම බාධා කිරීමක් නිසා පසුබැස හයවන තැනට පත් ඉතාලියේ එලේනා බෙලෝ වාර්තා කළ කාලය විනාඩි 2;03.78 ක් වුව ද ඇයටද එල්ල වූ බාධාවන් නිසා තරගයේ යෙදෙන්නට බැරි වූ බවට ඉදිරිපත් කළ අභායාචනයට ද අවස්ථාව හිමි වූ බැවින් එම තරගයේ අවසාන පූර්ව වටයට නොපිවිසි එකම ක්‍රීඩිකාව බවට පත් වූවාය.
කෙසේ වුවත් ගයන්තිකා ඒ මොහොතට සාපේක්ෂව තරමන්ගේ උපරිමය යොදමින් තරගයට ජීවය සැපයූ ක්‍රීඩිකාවක් බවට පත් වූවාය.සූරියවැව ජාතික පාසලෙන් මලල ක්‍රීඩාවට පිවිසි ඇය,ඇයගේ වැඩිමහල් සොයුරිය නිලංකා සංජීවනී සමඟ පාසල් පිටියේ සිටම වසර 20 ආසන්න කාලයක් ක්‍රීඩාවේ නියැලී සිටින ගයන්තිකා දැනට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ සිටින ප්‍රවීනම ක්‍රීඩිකාවක්ය.තවමත් තාරුණ්‍යය අභබවා යා හැකි ජවයකින් හෙබි ගයන්තිකා මීටර් 800 සහ 1500 කාන්තා ජාතික වාර්තාවන්හී උරුමක්කාරියද වන්නීය.
මේ සමඟ ගයන්තිකා සහභාගි වූ මූලික තරගයේ ප්‍රතිපල ලේඛණයද දක්වා ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan