ජනපතිගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීම

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි විසින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (22) ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී, ඉන්දීය රජය සමඟ එළැඹි එකඟතා පිළිබඳ දැනුවත් කිරීමක්  සිදුවිය.

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, නුවරඑළිය ආශ්‍රිතව විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සහ ඉන්දීය විශ්වවිද්‍යාල මෙරට ස්ථාපිත කිරීම සඳහා දෙරට අතර සාකච්ඡා සිදුවූ බවයි.

තවද, ලංකාවට පැමිණ වසර 200ක් පමණ වන ඉන්දීය සම්භවයක් සහිත වතුකර දමිළ ජනතාවගේ ප්‍රගතිය උදෙසා ඉන්දියාවේ මැදිහත්වීමෙන් ආධාර ලබා දීම පිළිබඳ ජනපතිවරයා සාකච්ඡා කළ බවත්, කෘෂිකර්මය හා සත්ත්ව පාලනය සඳහා අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා ඉන්දියාව සමඟ එකඟ වූ බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

කාලාන්තරයක් තිස්සේ පවතින උතුරු මුහුදේ බොටම් ට්‍රෝලින් කටයුතු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී ඇත.

ශ්‍රී ලංකාවේ ධීවරයන්ට ඉන්දීය මුහුද හරහා අරාබි මුහුදට යෑම සඳහා අවස්ථාව දීම පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර , ඉන්දියන් සාගරය ඇතුළු කලාපයේ කටයුතු කිරීමේදී අන්‍යෝන්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන දේ සඳහා එකඟතාවකට පැමිණි බවද විදේශ අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැහැදිලි කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...