රුසියාව ‘මනුෂ්‍යත්වය ප්‍රාණ ඇපයට තබාගෙන’ සිටියි – UN

Date:

ග්‍රිෆිත්ස් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ කළු මුහුදේ ධාන්‍ය අපනයනය නවතා දැමීම ලෝකයේ මිලියන 362 ක ජනතාවකට බලපානු ලබන බවත් මෙම තීරණ හේතුවෙන් බොහෝ දෙනෙක් කුසගින්නේ පෙලෙනු ඇති බවත්, සමහරක් මිය යා හැකි බවත්ය.

රුසියාව කළු මුහුදේ ධාන්‍ය වැඩසටහන අවහිර කරමින් ලෝකයේ සාගතයක් නිර්මාණය කර මනුෂ්‍යත්වය ප්‍රාණ ඇපයට තබා ගන්නා බවට ලෝක නායකයන් විසින් පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී චෝදනා එල්ලකර තිබේ.

මෙම චෝදනාවන් රුසියාව විසින් ප්‍රතික්ෂප කරඇති අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ, රුසියානු ධාන්‍ය සහ පොහොර අපනයනයට බලපාන මූල්‍ය හා ආර්ථික සම්බාධක ඉවත් කරන්නේ නම් මේ පිළිබඳව නැවත සලකා බලන බවයි.

එක්සත් ජාතීන්ගේ මානුෂීය සහන ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, පසුගිය සඳුදා දක්වා ක්‍රියාත්මක වූ ධාන්‍ය වැඩසටහන හේතුවෙන් වසරක් පුරාවට යුක්‍රේන වරායෙන් මඟින් රටවල් 45කට ධාන්‍ය මෙට්‍රික් ටොන් 33ක් අපනයනය කළ බවයි.

ග්‍රිෆිත්ස් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ කළු මුහුදේ ධාන්‍ය අපනයනය නවතා දැමීම ලෝකයේ මිලියන 362 ක ජනතාවකට බලපානු ලබන බවත් මෙම තීරණ හේතුවෙන් බොහෝ දෙනෙක් කුසගින්නේ පෙලෙනු ඇති බවත්, සමහරක් මිය යා හැකි බවත්ය.

කවුන්සිලයේ සැසියේදී බටහිර තානාපතිවරුන්ගේ අදහස වූයේ මේ වන විට රුසියාවේ ආහාර නිෂ්පාදනය ඉතා වේගවත්ව සිදුවනු ඇති අතර කළු මුහුදේ ගිවිසුම බිඳවැටීම නිසා ඇති වූ ඉහළ මිල රුසියාවේ ආර්ථික වාසි සඳහා ක්‍රියා කරනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...