*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

සති 02 කදී දෙදරා ගිය ඇමෙරිකානු බලවතාගේ දේශපාලනය…..!

අශෝක ජයතුංග

ජූලි 23, වොෂින්ටන් LNW :

ලොව රටවල් 204 කි. පංච මහා බලවතුන් 05 කි. එය 06 වැඩි කර ගැනීමට ඉන්දියාව වෙහෙසෙති. එහෙත් ධනවත්කමින්ද බලවත්කමින්ද යුද හා ආර්ථික ශක්තියෙන්ද ලෝක දේශපාලනය තුළ සෙසු රටවල් වල හැසිරීම පාළනය කිරීමේදී ද ඉහළින්ම වැජඹෙන ඇමෙරිකා එක්සත් ජනපදයට අලගු තබන්නටවත් පුළුවන් අභියෝගාත්මක රටක් මෙ ලොව ඇත්තේ නැත.

එහෙත් සති 02 ක් තුළ එම ලෝක බලවතාගේ දේශපාලනය දෙදරා  ඉරිතලා ගියේ නොසිතූ ලෙසය. නොවැම්බරයේදී පැවැත්වෙන ජනපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත්වීමට සිටි අපේක්ෂක 78 හැවිරිදි හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට පෙන්සිල්වේනියා වලදී වයස 20 ක තරුණයෙකු වෙඩි තැබුවේ ඝාතනය කිරීමට ය. එහෙත් ට්‍රම්ප් ගේ වෙලාවට එය කණ කඩා ගෙන මිසක ඔහුගේ ඔළුව කඩාගෙන ගියේ නැත. වෙඩිල්ල පත්තුවූ විට ඔහු තම හිස දශමයක් හැරෙව්වා නම් අද ට්‍රම්ප් කෙනෙකු නැත.

ජනපති බයිඩන් එය බියගුළු වැඩක් ලෙස හෙළා දැක ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂ රැළි මාළාව කල් තැබුවේ නවතම ආරක්ෂක ක්‍රමවේද සකසන තෙක්ය. එහෙත් බයිඩන්ට වයස 81 ක් නිසා ඔහුට අපේක්ෂකත්වය දිය යුතු නැතැයි පක්ෂය තුළින්ම බලපෑම් ආවෙිය.නමුත් ඇමෙරිකාවේ වමට බර  බර්නි සැන්ඩර්ස්, එළිසෙබෙත් වොරන් ගේ විශ්වාසවන්තයා බයිඩන් විය. ඔහු බලෙන්ම අපේක්ෂකත්වය ලබා ගත්තේය. එහෙත් හිටපු ජනපති ඔබාමා, හිලරි ක්ලින්ටන්, නැන්සි පිලොසි වැනි ඩිමොක්‍රටික් පුබලයින් බයිඩන් ගේ අපේක්ෂකත්වයට අභියෝග කළහ. ඒ තුළ පක්ෂයට අරමුදල් එන Act Blue ක්‍රමවේදයට තිත තැබී මුදල් ගලන ටැප් වැසී ගියහ.

එහෙත් ට්‍රම්ප් ට වෙඩි වැදී රෝහලෙන් පිටවෙද්දී ඔහු තරග කරන රිපබ්ලිකන් පක්ෂ අරමුදල ඩොලර් වලින් උතුරා යන්නට විය. ජවිපෙ විසින් ආර්ථික ඝාතකයෙක් ලෙස පහරදුන් එලෝන් මස්ක් පමණක් සතියකට ඩොලර්  මිලි 45 ක් (ලංකා මුදලින් රු කෝටි 13,500 ක්) රිපබ්ලිකන් අරමුදලට ලබාදෙන බවත් ප්‍රකාශ කෙරිණ. ඇමෙරිකාවට හා ලෝකයටම වැදගත් නවතම සන්නාම රැසක් ට්‍රම්ප් පාළනයකින් හදුන්වාදී ඇමෙරිකාව ලොව තවත් බලවත් කරන බව එලෝන් නොකියා කීවේය.

ඒ අතරේ බයිඩන්ට 03 වන වරටත් කොවිඩ් හැදුනේ කරුමෙටය. වයස වැඩියි, ට්‍රම්ප් එක්ක වාදෙන් පේfල්, නිතර ලෙඩ වෙනවා යයි බයිඩන්ට චෝදනා ආවේ කොවිඩ් හැදී ඩෙල්වෙයාර් හි තම නිවසට පල්ලම් බහින විටදීය. තෙවරක් කොවිඩ් හැදුන නිසා ඇතැම් මාධ්‍ය ඔහුට කියන්නේ “කොවිඩ් බයිඩන්” කියාය.

 බෙල්ලටම හිරවී කරකියාගත නොහැකි තත්වයට පත්වූ පසු තමා ඩිමොක්‍රටික් අපේක්ෂකත්වයෙන් ඉවත්වන බව බයිඩන් කීවේ සමාජ මාධ්‍ය වෙත නිවේදනයක් මුදා හරිමිනි. අපේක්ෂකත්වයට උප ජනපතිනි කමලා හැරිස් නම් කරන බවද බයිඩන් කියා තිබිණ. එම ප්‍රකාශයත් සමග එතෙක් වැසී තිබු ඩිමොක්‍රටික් සල්ලි ලාච්චුවට ඩො මිලි 46 ක් (රු කෝටි 13,800 ක්) ගලා ආවේය.

ඇමෙරිකානු ඉතිහාසය හාරා බැලීමේදී බලයේ සිටි ජනපතිවරයෙකු දෙවන වරට කරඟ නොකළ අවස්ථාවක් උදාවී ඇත්තේ වසර 56 කින් පසුවය. වියට්නාම යුද්දයේ දැඩි බලපෑම තුළ 1968 දී එවකට ජනපති ලින්ඩන් බී. ජොන්සන් ට අපේක්ෂකත්වය අතහැරීමට සිදුවිය. ලබන අගෝස්තු 19 දා 47,000 ක ඩිමොක්‍රටික් ප්‍රබලයන් සහභාගීවන පක්ෂ සම්මේලනය චිකාගෝ හිදී පැවැත්වීමට නියමිත අතර එහිදී කමලා හැරිස් ට අපේක්ෂකත්වය හිමිවනු ඇති බවට අනුමාන කෙරේ. එසේ වුවද  හිටපු ජනපති ඔබාමාගේ බිරිද මිෂෙල් ට අපේක්ෂකත්වය ලබාදීමේ යටි වැඩ පිළිවෙලක් ද දියත් වන බවට සැක පළවී තිබේ.

කමලා හැරිස්ට ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය හිමි වුවහොත් එය ප්‍රධාන පක්ෂ දෙකින් අපේක්ෂකත්වය ලබාගත් පළමු කළු කාන්කාව හා ඇමෙරිකානු හා ඉන්දීය සම්භවයක් සහික පළමු කාන්තාව ලෙස කමලා සටහන්වේ. ඇය ජනපතිවරණය ජයගත හොත් ඇමෙරිකාවේ පළමු ජනපතිනිය ලෙස ඉතිහාසගතවීමට ද නියමිතය.

ඩිමොක්‍රටික් පක්ෂය තුළ පවතින දේශපාලන අවුල හේතුවෙන් ට්‍රම්ප් හා රිපබ්ලිකන්වරුන්ට දැන් රජ මගුල්ය. ඒ ගැන CNN වෙත අදහස් පළකල ට්‍රම්ප් කීවේ කණ පැලෙන කතාවකි.

“ඇමෙරිකාවේ හිටපු නරකම ජනපති ඉවත් වුණා. ඒක රට ලබපු ජයක්.  කමලා හැරිස් පරාද කරන එක මට ටොයිස් වැඩක්” ට්‍රම්ප් පාරම් බෑවේය. කමලා නොව බයිඩන් ගරගයට ආවද ටුම්ප් හිටියේ මදක් ඉදිරියෙනි. එහෙත් දුෂණ චෝදනා 34 කට වැරදිකරුවූ ට්‍රම්ප්ට ස්වීප් එක ඇදේවි යයි සමහරු සිතුව ද ඇමෙරිකානු ව්‍යවස්ථාව තුළ උසාවියෙන් වරදකරු වන අයට ඡන්දය ඉල්ලීම තහනම් නැත. වාසනාවකට හෝ අවාසනාවකට කණේ ගෑවී ගිය වෙඩි උණ්ඩ ද ට්‍රම්ප් ගේ ජයග්‍රහණය තහවුරු කරමින් තිබේ. එහෙත් බලයේ සිටින පක්ෂයට නොයෙක් දහංගැට ගසා ජිමික් හා වංගු දමා ජන මනස පිනුම් ගස්සවන්නට ඇති හැකියාව වැඩිය.

“ගිය වසර 04 දි ඇමෙරිකාවට ජනපති කෙනෙක් හිටිය බව අපටත් ලෝකයටත් දැනුනෙ නෑ. ඒත් ට්‍රම්ප් ඉන්න කොට ඇමෙරිකාවටත් ලෝකයටත් දැනෙන්න ඔහු ඉන්නවා නටනවා දගලනවා කයිවාරු ගහනවා” සමහර ඇමෙරිකානුවන් කියන්නේ එහෙමය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan