Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ ප්‍රදේශයේ නව ජල විදුලි ව්‍යාපෘතියක ඉදිකිරීම් චීනය ආරම්භ කළා. එම ප්‍රදේශය සම්පූර්ණයෙන් චීනයේ ස්වෛරීභාවයට අයත් ප්‍රදේශයක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද ප්‍රකාශ කළා. ඒ අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී.

පිරිසිදු බලශක්ති සංවර්ධනය වේගවත් කිරීම, එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ක්‍රියාකාරීව ප්‍රතිචාර දැක්වීම එහි අරමුණු වන බව ඔහු සඳහන් කළා. එම ව්‍යාපෘතිය Yarlung Zangbo ගඟේ සමස්ත ප්‍රදේශයේ ආපදා වැළැක්වීමට ඉවහල් වනු ඇති අතර පහළ ගංගා ප්‍රදේශයට අහිතකර බලපෑමක් එල්ල නොවනු ඇති බවට ඔහු අවධාරණය කර සිටියා.

ජල විද්‍යාත්මක නිරීක්ෂණය, ගංවතුර වැළැක්වීම සහ ආපදා අවම කිරීම සම්බන්ධයෙන් චීනය අදාළ පහළ ගංගා ප්‍රදේශයේ රටවල් සමඟ විධිමත් සහයෝගීතාවයක් පවත්වා ඇති බවත්, එම ජල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවශ්‍ය සන්නිවේදනය විධිමත් ව සිදු කර ඇති බවත් Guo Jiakun මහතා පෙන්වා දුන්නා. ගංඟා ද්‍රෝණිය ආශ්‍රිත ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා චීනය පහළ ගංගා ප්‍රදේශයේ රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කරනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු...

නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...

දූෂණ විරෝධී ආයතන මැඩපැවැත්වීමේ පනතට එරෙහිව යුක්‍රේනයේ විරෝධතා!

රෂිකා හෙන්නායක ජූලි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණ විරෝධී...