කැපිටල් කෝලාහලය බලයේ රැදී සිටීමට ට්‍රම්ප්ට තිබූ ආත්මාර්ථකාමී ආශාවේ කැඩපතක් බව අනාවරණය වේ.

Date:

2021 ජනවාරි මස 6 වන දින සිදු වූ කැපිටල් හිල් හෙවත් අමෙරිකානු සෙනෙට් සභාව පිහිටි ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත ට්‍රම්ප්ට එරෙහිව වසරකට ආසන්න කාලයක් විමර්ශනය වෙමින් පවතියි. පසුගිය (22) දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තේරීම් කාරක සභාවේ ග්‍රීෂ්ම සෘතුවේ අටවන නඩු විභාගය මඟින් අනාවරණය වූයේ ට්‍රම්ප් මහතා නීතිය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ජාතික ආරක්ෂක කාර්ය මණ්ඩලයට එක ඇමතුමක් ලබා දී තත්වය සමතයකට පත් කිරීමට කටයුතු නොකළ බවයි.

ට්‍රම්ප් මහතා ඔහුගේ ජ්‍යෙෂ්ඨතම කාර්ය මණ්ඩලය, සමීපතම උපදේශකයින් සහ පවුලේ සාමාජිකයන් කොලහාලය මැඩ පවත්වන ලෙස කරන ලද ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂප කර තිබිණ. “බලයේ රැඳී සිටීමේ ඔහුගේ ආත්මාර්ථකාමී ආශාව” මින් පිළිබිඹු වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
කොංග්‍රසයේ නිල කටයුතුවලට බාධා කිරීම, ඇමරිකානු ජනතාව වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම හෝ සාක්ෂිකරුවන්ට හානි කිරීම වැනි චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් මහතාට චෝදනා කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබිය හැකි බව කමිටුවේ සාමාජිකයින් තීරණය කර තිබේ.

මෙම අවස්ථාව පිළිබඳව රිපබ්ලිකානුවකු වන ඇඩම් කින්සින්ගර් පැවසුවේ ඔහු ක්‍රියා නොකිරීමට තීරණය කර සිටි බවයි. ප්‍රහාරය ආරම්භ වී පැය තුනයි මිනිත්තු හතකට පසු, ට්‍රම්ප් මහතා ධවල මන්දිරයේ රෝස උද්‍යානයේ සිට පටිගත කරන ලද වීඩියෝවක් 16:17 ට නිකුත් කළේය, එහි ඔහු කැරලිකරුවන් “ඉතා විශේෂ” යැයි ප්‍රශංසා කළ නමුත් ඔවුන් විසුරුවා හරින ලෙස ඉල්ලා සිටියේය.

ට්‍රම්ප් මේ වන විට 2024 දී තමා නැවත ජනාධිපති ධුරයට තරඟ කළ හැකි බවට ඉඟි කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...