*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න

අප කැමති දේ අහිමි වූ විට එයට හිත හදා ගන්නට හේතු සකසා ගැනීම සාමාන්‍ය ස්වභාවයක්ය.ශ්‍රී ලංකාවේ දෙසට ජයග්‍රහණය දෝලණය වෙමින් තිබූ පකිස්තානයට එරෙහි ටෙස්ට් ජය පකිස්තානය ශ්‍රී ලංකාවෙන් උඳුරා ගත්තේය.එය පළමු කොට ඔවුන්ගේ හැකියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නොහැකියාව යන්න අප ප්‍රධාන වශයෙන් අවබෝධ කරගත යුතුය.මේ නොහැකියාවටම නොසැළකිල්ල ද ඇතුළත් කළ හැකිය.තරගයක ජයග්‍රහණයට අතිශයින් වැදගත් අර්ධ දැවීයාමේ අවස්ථා පූර්ණත්වයට පත් කර ගැනීමේ අවස්ථා මෙන්ම පහසුම අවස්ථා ද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය.එසේම ඓතිහාසික වාර්තාවකට ප්‍රභාත් ජයසූරියට තිබුණ ඉඩ ද අහිමි විය.සිය මුල් ඉණිම හතරේම කඩුලු පහ බැඟින් දවාගත් පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එකතු වෙන්නට ප්‍රභාත්ට තිබුණු අවස්ථාව ඔහු කඩුලු හතරක් ලබා සිටියදී පකිස්තානය තරගය ජය ගැනීම නිසා අහිමි වූවේය.
ශ්‍රී ලංකාවට පරාජය හිමි වීම නිසා අහිමි වූයේ ජය පමණක්ම නොවේය.ජගත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට ආසන්නයෙන් ඉහළින් සිටින්නේ පකිස්තානය ය.ඒ නිසා සමීපතම ප්‍රතිවාදියා පසුකර යාමට තිබූ ඉඩ ශ්‍රී ලංකාව වසා ගැනීමක් තරගයේ දිස් වුණු අතර ඊට හේතුව ලෙස විනිසුරු තීරණවලත්,විශේෂයෙන් කුමාර් ධර්මසේනගේ තීරණවලත් එලලෙන්නට යාම ක්‍රිකට්මය ප්‍රකාශයක් නොවේ.එසේනම් කුමාර ධර්මසේන දිනේෂ් චන්දිමාල්ව ද්විත්ව ශතකයෙන් පෙර දවා ගැනීම නොදැවීමක් ලෙස නම් කිරීමම එම තරගයේ ශ්‍රී ලංකාවේ ජය විය.ඒ නිසා වැරදීම් සිඳුවීමට හැකි අවකාශය නිශ්චිත අගයක් නොවන අවිනිශ්චිත තත්ත්වයක් යන්න පමණක් තේරුම් ගැනීම වටින්නේය.
කෙසේ වුවත් ඉතා සියුම් තාක්ෂණයක් සමඟ විනිශ්චය පැටලීමෙන් ඉනික්බිතිව සිඳු වී ඇත්තේ තර්කයේ වැඩි ඉඩක් මිනිසාගේ අත් වැරදීමට වඩා වංචනික සහ වංකභාවයට ඇතුළත් කිරීමට මිනිසා පෙළඹිමය.මිනිසාගේ හෘද සාක්ෂිය පමණක් නිවැරදි බව දන්නා තාක්ෂණය ඉදිරියේ වරදකරුවන් විය හැකි බොහෝ සංඛ්‍යාවක් ඉතුරු වීමය.මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ජීව ගුණයට යම් ආකාරයකට විනිසුරුවාව නැවත විනිශ්චයට ලක්වෙන වපසරිය වඩා සංවේදී සහ සියුම් වීමෙන් සිඳුව ඇති හානිය අවබෝධ කරගෙන ක්‍රීඩකයන්ට තව දුරටත් තාක්ෂණයේ සහය ලබා ගැනීමට ඇති ඉඩ පුළුල් කිරීම මෙන්ම එහිදී විනිසුරු තීරණය පිළිගැනීමට ලක් කරන යම් යම් ප්‍රතිශතයන් හී වැඩි කොටසක් තාක්ෂණයට නතු කිරීම වැදගත්ය.නැතිනම් එය ක්‍රීඩාවට ගැටළුකාරී වෙනු ඇත සහ මහත්මා ස්වරූපයේ හැඩයට හානියක් ද කරනු ඇත.
වඩාත් වැදගත් දේ මේ මොහොත වන විට කණ්ඩායම තුළ සිදු කළ යුතු බවට විශ්වාස කරන වෙනස්කම් හඳුනා ගැනීමය.කණ්ඩායමට එන හොඳින් පන්දු යවන දඟ පන්දු යවන්නන් ඉතා කෙටි කාලයකින් අසාර්ථක වීමට හේතුව සොයා ගත යුතුව ඇත.පුහුණුකරුවා ලෙස දීර්ඝ කාලයක් පියල් විජේතුංගම රඳවා සිටින්නේ ඔහුව යාවජීව කොට රැක ගැනීමේ අවශ්‍යයතාවයක් හෝ නියමයක් වේනම් අඩුම තරමේ ඔහුට දඟ පන්දු යවන පුහුණුකරුවෙක් ලෙස පුහුණුවක් ලබා දීම වැදගත්ය.
කඩුල්ල පිටුපස ද යම් යම් වැරදි අඩු පාඩු සිඳුකරන නිරෝෂන් දික්වැල්ල පිතිකරුවෙක් ලෙස ද කණ්ඩායමට සැළකිය යුතු සේවයක් සිඳු නොකිරීම අවධානයට ගත යුතුය.තමන්ට ලැබුණු පළමු අවස්ථාවේම ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව අගනා ලකුණු 61 ක දායකත්වයක් ලබා දුන් කමිඳු මෙණ්ඩිස්ට ඇති තුන් ඉරියව් හැකියාව ගැන අවධානය යොමු කොට ඔහු කැදවීමට තිබෙන ඉඩ ගැන ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කළ යුතුය.කඩුලු රැකීමට හැකි දිනේෂ් චන්දිමාල් මෙන්ම කුසල් මෙණ්ඩිස් ද කණ්ඩායමේ සිටින නිසා දික්වැල්ලට තමන්ගේ අනාගතය ගැන හිතා බලන්නට විවේකයක් ලබා දිය යුතුය.කමිදු කැදෙව්වේ නැති වුවත් ඔෂධ ප්‍රනාන්දුට නිශ්ශංක පැමිණිම නිසා කණ්ඩායමේ තැන අහිමි නොකර අලුත් කඩුලු රකින්නෙක් ගැන සිතිය හැකිනම් එය වැදගත් වනු ඇත.
මහේෂ් තීක්ෂණගේ ආබාධය සුව අතට හැරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට අතිශයින් වැදගත්ය.ලෝකයේම සීමිත පන්දු වාර සහ 20/20 පිටියේ අවධානයට පාත්‍රව සිටින මහේෂ් ටෙස්ට් කණ්ඩායමේ අඩු පුරවන්නට එබීමේ සිටම ලෝක කුසලාන තරගාවලියක් ආසන්නයේ ගත් තීන්දුව වැරදිය.කෙසේ වුවත් අලුත් බලාපොරොත්තුව බවට පත් වි සිටින ප්‍රභාත් ජයසූරිය සිය ටෙස්ට් ඉණිම හතර අවසානයේ කඩුලු 21ක උරුමකරුවෙක්ව ලෝකයේම අවධානය දිනාගෙන සිටින්නේය.ඔහුට හොඳ සහයක් පන්දු රකින්නන්ගෙන් ලැබිය යුතුය.ප්‍රභාත්ට ටෙස්ට් තරගයේදී තීක්ෂණගේ අඩුව පුරවන්නට දුනිත් වෙල්ලාලගේ අත්හදා බැලීම ශ්‍රී ලංකා ක්‍රිකට් හෙටට කරන ආයෝජනයක් විය හැකිය.
දිමුත් කරුණාරත්න ද ආරක්ෂාවට දෙන ඉඩ පරාසය කුඩා කර ආක්‍රමණය සම්බන්ධයෙන් කරන බලපෑම පුළුල් කිරීම මේ මොහොතේදී සිතට ගත යුතු දෙයකි.වරද පිටියේ සිටින ක්‍රීඩකයින් නොවන දෙදෙනාට පැවරීම වෙනුවට ක්‍රීඩා කරන එකොළොස් දෙනා වෙනදාට වැඩිය තමන්ගේ වගකීම වෙනුවෙන් කැප වුණොත් ඉකුත් ඉරිදා අප විදිමින් සිටි ටෙස්ට් තරගය ගැන කතා කරනවාට වඩා වින්දනයකින් මේ ඉරිදා ඇරඹෙන ටෙස්ට් තරගය ගැන කතා කරන්නට හැකි වෙනවා ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan