වතුකර ප්‍රජාවන්ගේ සංවර්ධනය වේගවත් කිරීමට ඉන්දියාවෙන් රු. බිලියන 03 ක ප්‍රදානයක්

Date:

කොළඹ (2023, ජූලි 21): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථක ඉන්දියානු සංචාරයෙන් පසු, ශ්‍රී ලංකාවේ වතුකර කලාපයන් හි ජීවත් වන ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වයන් නඟා සිටුවීම සහ වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියානු රුපියල් මිලියන 750 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 03 ක) ප්‍රදානයක් ලබා දෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ප්‍රසිද්ධියේ තහවුරු කර තිබේ.

මෙම මූල්‍ය සහාය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් ද්වී-පාර්ශ්වික සබඳතා පිළිඹිමු කරන අතර, එය ලබා ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ, ශ්‍රී ලංකාවේ වතුකර කලාපයන් සංවර්ධනය කිරීමෙහි ලා අප්‍රතිහත ධෛර්‍යයක් සහ දැක්මකින් යුතුව කටයුතු කරන ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාට ය. වතුකරයේ ජීවත්වන ප්‍රජාවන්ගේ අධ්‍යාපනය, නිපුණතා පුහුණුව සහ රැකියා අවස්ථා දියුණු කිරීම කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු කරමින්, සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීම සඳහා මෙම ප්‍රදානය යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙවන් මැදිහත්වීම් හරහා, ධනාත්මක සමාජ-ආර්ථික බලපෑමක් ඇති කිරීම, වතුකරයේ ජීවත්වන ප්‍රජාවන් සවිබල ගැන්වීම, සහ නව වර්ධන අවස්ථා අත්පත් කර ගැනීමට ඔවුනට හැකියාව සලසා දීම ආදිය අපේක්ෂා කෙරේ.

එමෙන්ම, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, නුවර එළිය විශ්ව විද්‍යාලය ඇතුළු ශ්‍රී ලංකාව තුළ නව උසස් අධ්‍යාපන ආයතන ස්ථාපිත කිරීමට අදාළ ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට සිය සම්පූර්ණ සහාය පළ කළේය. තොණ්ඩමන් අමාත්‍යවරයාගේ යෝජනාවක් මත ම බිහි කෙරෙන නව විශ්ව විද්‍යාලය, කඳුකර කලාපයේ අධ්‍යාපනික ශ්‍රේෂ්ඨත්වය සහ ප්‍රගතිය පිළිඹිමු කෙරෙන සංඥාවක් වනු ඇත. ඉන්දියාවේ සහාය ද ඇතිව, දක්ෂතා පෝෂණය කිරීම, පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ දේශීය ප්‍රජාවගේ මෙන්ම අවසාන ඉලක්කය ලෙස සමස්ත ජාතියේම සුවිශේෂී අවශ්‍යතා සපුරාලීම මෙම විශ්ව විද්‍යාලය මඟින් සිදුවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...