රනිලුයි එජාපයේ දර්ශනයයි තමයි අනාගතයට හරියන්නේ කියලා දැන් ජනතාවම කියනවා – අකිල

Date:

දකුණු ආසියාවේ සිටින ජාත්‍යන්තරයත් සමග හොඳින්ම ගනුදෙනු කළ හැකි නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

“ඒ දවස්වල පෝලිම්වල ඉඳලාවත් ගන්න තෙල් තිබුණෙ නෑ. මේ අර්බුදය ආවාට පස්සෙ තමයි ඔක්කොටම ආපහු රනිල් වික්‍රමසිංහ මහත්තයාව මතක් වුණේ. එකයි තිබ්බෙ අපට, අපේ ප්‍රමාණය අඩු වුණාට අපේ කොලිටි එක වැඩියි. දැන් ජනතාව කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනයත් තමයි අනාගතයට හරියන්නේ කියලා. අද ලෝකෙම පිළිගන්නවා, දැන් ලෝකෙම රටවල්වලට ගියාම එතුමාව, එතුමාගෙ තියෙන පරිණතබව, පරිචය, දැක්ම, දර්ශනය. එතුමා 77 පාර්ලිමේන්තුවේ ඇමති වෙද්දී අද ඔය ඉන්න ලෝකෙ ජනාධිපතිවරු පාර්ලිමේන්තුවකවත් නෑ ගොඩක් අය. එතකොට කාටද මේ ගනුදෙනුව හොඳටම කරන්න පුළුවන් නායකයා ඉන්නෙ දකුණු ආසියාවෙම ? ඒකනෙ ඉන්දියාවට ගියාම, වෙන රටවල්වලට ගියාම පිළිගැනීම තියෙන්නෙ. පාකිස්ථානයේ නායකයො අපේ ජනාධිපතිතුමාගෙන් උපදෙස් ගන්නෙ, ඒ මොකද ඒ ? අපට එක මනුස්සයායි ඉතුරුවෙලා ඉන්නෙ මේ ජාතියට. ආයෙ මෙතනින් එහාට නෑ”

අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) නාවලපිටියේ පැවති එජාප ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...