රනිලුයි එජාපයේ දර්ශනයයි තමයි අනාගතයට හරියන්නේ කියලා දැන් ජනතාවම කියනවා – අකිල

Date:

දකුණු ආසියාවේ සිටින ජාත්‍යන්තරයත් සමග හොඳින්ම ගනුදෙනු කළ හැකි නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

“ඒ දවස්වල පෝලිම්වල ඉඳලාවත් ගන්න තෙල් තිබුණෙ නෑ. මේ අර්බුදය ආවාට පස්සෙ තමයි ඔක්කොටම ආපහු රනිල් වික්‍රමසිංහ මහත්තයාව මතක් වුණේ. එකයි තිබ්බෙ අපට, අපේ ප්‍රමාණය අඩු වුණාට අපේ කොලිටි එක වැඩියි. දැන් ජනතාව කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනයත් තමයි අනාගතයට හරියන්නේ කියලා. අද ලෝකෙම පිළිගන්නවා, දැන් ලෝකෙම රටවල්වලට ගියාම එතුමාව, එතුමාගෙ තියෙන පරිණතබව, පරිචය, දැක්ම, දර්ශනය. එතුමා 77 පාර්ලිමේන්තුවේ ඇමති වෙද්දී අද ඔය ඉන්න ලෝකෙ ජනාධිපතිවරු පාර්ලිමේන්තුවකවත් නෑ ගොඩක් අය. එතකොට කාටද මේ ගනුදෙනුව හොඳටම කරන්න පුළුවන් නායකයා ඉන්නෙ දකුණු ආසියාවෙම ? ඒකනෙ ඉන්දියාවට ගියාම, වෙන රටවල්වලට ගියාම පිළිගැනීම තියෙන්නෙ. පාකිස්ථානයේ නායකයො අපේ ජනාධිපතිතුමාගෙන් උපදෙස් ගන්නෙ, ඒ මොකද ඒ ? අපට එක මනුස්සයායි ඉතුරුවෙලා ඉන්නෙ මේ ජාතියට. ආයෙ මෙතනින් එහාට නෑ”

අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) නාවලපිටියේ පැවති එජාප ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...