සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවකට ජල ප්‍රහාරයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ටවුන් හෝල් ආසන්නයේ දී අද (23) සවස පොලීසිය විසින් , සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

“කළු ජූලිය” නිමිති කරගෙන මෙම විරෝධතාවය සංවිධානය කර තිබු අතර සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකරට සහ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායකට පෙළපාලි යෑමට අවසර ලබාදිය නොහැකි බව පොලීසිය විසින් දන්වා තිබෙන අතර පසුව ඔවුන් පා ගමනින් ලිප්ටන් වටරවුමට පැමණ විරෝධතාවයේ නියැලී ඇත.

ඉන් අනතුරුව එක්වරම විරෝධතාකරුවන් ලිප්ටන් වටරවුමේ සිට විහාරමහාදේවී උද්‍යානය දෙසට ගමන් කිරීමට යෑමේ දී පොලීසියෙන් සහ කැරලි මර්දන ඒකකයෙන් ජල ප්‍රහාරය එල්ල කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට පොලීසිය, කැරලි මර්දනය සහ යුද හමුදාව කැඳවා ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...