ඉතියෝපියාවේ නායයෑම් හේතුවෙන් 229 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව හේතුවෙන් දකුණු ඉතියෝපියාවේ ගෝෆාහි සිදුවූ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 229 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ගෝෆා කලාපයේ කෙන්චෝ-ෂාචා ප්‍රදේශයේ ඇති වූ මෙම ව්‍යසනයෙන් අවම වශයෙන් පිරිමින් 148 ක් සහ කාන්තාවන් 81 ක් මියගොස් ඇති බව හඳුනාගෙන ඇති අතර දකුණු ප්‍රාදේශීය රාජ්‍ය නියෝජිත Alemayehu Bawdi සඳහන් කර තිබුණේ, ගලවාගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ, ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 19,000 කට අධික සංඛ්‍යාවකට බලපා ඇති අතර, දහසකට අධික සංඛ්‍යාවක් අවතැන්ව ඇති බවත් ඔවුන්ගේ ජීවනෝපාය සහ යටිතල පහසුකම් වලට හානි සිදු වී ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...