මට හොඳ මූලස්ථාන තියෙනවා. එකම ගුබ්බෑයමකට රිංගන්න ඕනේ කියල නීතියක් නැහැ – ඇමති විජයදාසට ශ්‍රීලනිපය තිත්ත වෙලාද?

Date:

කොළඹ LNW:තමන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම ගැන පුවත සුබ ආරංචියක් ලෙස හෙට දිනයේදී දැනගැනීමට හැකිවන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (24) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඇතැම්විට සියලුම පක්ෂවල පොදු අපේක්ෂකයා ලෙස වුවද පත් විය හැකි බවයි රාජපක්ෂ මහතා කියාසිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පක්ෂ මුලස්ථානයට නොයෑම ගැන එහිදී මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ තමන්ට ඕනෑ තරම් මූලස්ථාන තිබෙන බවත් එකම ගුබ්බෑයමකට රිංගන්න ඕනේ කියා නීතියක් නොමැති බවත්ය.

දුෂ්ටයෝ, අපරාධකාරයෝ සිටින ස්ථානවලට නොයන බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

මේ අතර හෙට දිනයේදී මේ රට සම්පූර්ණයෙන් වෙනත් දිශානතියකට හැරීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...