*
Friday, October 18, 2024
spot_img

Latest Posts

ස්ථාවර ආර්ථිකයකට අපි මුලපුරනවා.නීති රැසක්ද සකස් කර අවසන් – සාගල රත්නායක

කොළඹ LNW:ආණ්ඩු වෙනස් වීමේදී ප්‍රතිපත්ති ද වෙනස් වීම අපේ රටේ පවතින ප්‍රධාන ගැටළුවක් වන හෙයින් එම ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් රජය, මූල්‍ය හා පාලන අංශවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කර ඇති බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ අද (24) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වරාය පිවිසුම් අධිවේගී මාර්ගය පිළිබඳ තාක්ෂණික සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.

එම සෑම පියවරක්ම ගනු ලැබූවේ ස්ථාවර ආර්ථික ක්‍රමයක් රට තුළ නිර්මාණය කිරීමට බවයි ඔහු පැවසුවේ.

මහබැංකු පනත, රාජ්‍ය මුල්‍ය පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත මේ වන විටත් ඉදිරිපත් කර තිබෙන අතර ආර්ථික පරිවර්තන නීතිය ද සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද සඳහන් කළේය.

වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට සාර්ථකව අවසන් කෙරෙමින් පවතින බව සඳහන් කළ සාගල රත්නායක මහතා මෙම ව්‍යාපෘතිය අවසන් වීමත් සමඟම එමඟින් මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙන බව ද පැවසීය.

මේ වන විට රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙන අතර පැවති අර්බුදය සමයේ බොහෝ දෙනා දුකටත් පීඩාවටත් පත් වූ බව මෙහිදී සාගල රත්නායක මහතා සිහිපත් කරන ලදී.

”ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප ගිවිසුම්ගත වූ නිසා ඔවුන් ප්‍රකාශ කරන සියලුදේ අප කරන බව ඇතැමුන් පැවසුවා. අකමැත්තෙන් වූවද සමහර දේ අපට කිරීමට සිදුවුණා. ඒ අපේ රටේ යහපත වෙනුවෙන්. නමුත් බොහෝ දේ අපේ රටේ පවතින තත්ත්වය පිළිබඳ ඔවුන් සමඟ ප්‍රායෝගිකව සාකච්ඡා කර සිදු කිරීමට කටයුතු කළා.

අප ගිවිසුම් ගත වුණේ ඒ සඳහායි. අප ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඉන් ඔබ්බට ගිය දෙයක් බව සඳහන් කළ යුතුයි. ස්ථාවර කරගත් රටේ ආර්ථිකය වේගයෙන් දියුණු කළ යුතුයි. රට වැටුණු අවස්ථාවේ අප ආනයනය මත පදනම් වූ ආර්ථිකයක සිටි නිසා රුපියල අවප්‍රමාණය වීම සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා. නමුත් අපගේ ආදායම් මට්ටම ඉහළ ගියේ නැහැ. එනිසා ජනතාවගේ ජීවන වියදම දරාගත හැකි මට්ටමකටත් ඉන් ඔබ්බටත් ගෙනයාම සඳහා අප උත්සාහ කරමින් සිටිනවා. ඒ සඳහා වේගවත් ආර්ථික දියුණුවක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුළු මහාමාර්ග පද්ධතියේ සම්බන්ධතාව ඉතා වැදගත් වෙනවා.

ඉන්දියාව සමඟ අපේ සම්බන්ධතාව වැඩිදියුණු කරමින් පවතිනවා. ඒ මෙරට ආර්ථිකයට රුකුලක් වීම සඳහායි. අප බලාපොරොත්තු වන සම්බන්ධතා කොරිඩෝවේ ගොඩබිම් සම්බන්ධතාව කියන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදි කිරීමයි. කිලෝමිටර් 50ක් පමණ දිගකින් යුතුව මුහුද හරහා මෙම පාලම ඉදි කළ යුතු නිසා අප මේ අද සාකච්ඡා කරනු ලබන තාක්ෂණය එතැනින් ඉදිරියට ගෙන යායුතු වෙනවා. පැරණි කාලයේ පැවතුණා යැයි මතයක් පවතින ආදම්ගේ පාලම මාර්ගය ඔස්සේ මෙම පාලම ඉදිකිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. එයින් අපට ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ දැනුම ලැබෙනවා. අනාගත පරම්පරාවේ ඉංජිනේරුවන්ට එයින් රැකියා සහ දැනුම ලැබෙනවා. ඒවගේම ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා. වරාය හා සැපයුම් කටයුතු වර්ධනය වෙනවා. මෙයින් දකුණු ඉන්දියාවේ ආනයන සහ අපනයන ඇතුළු වෙළෙඳ කටයුතු ශ්‍රී ලංකාවේ වරායන් හරහා සිදුකළ යුතු වෙනවා. මේ හරහා ඔවුන්ගේ සැපයුම් වියදම් 50%කින් පමණ අඩු වනවා සේම වරාය තුළ වගේම අනෙකුත් සේවා සඳහා ද අපට විශාල අවස්ථා ප්‍රමාණයක් ඇතිවෙනවා.

ඒ නිසා අපේ රටට හොඳ අනාගතයක් තිබෙනවා. නමුත් අප ස්ථාවර ප්‍රතිපත්ති ඔස්සේ මේ ගමන යා යුතුයි. ඒ සඳහා අප සියලුදෙනා එකතු විය යුතුයි.”යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan