ධවල පත්‍රිකාවක් නොමැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විවාදකිරීම නිදහස් අධ්‍යාපනයට කරන අගෞරවයක් – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජුලි 24 දිනයේ විවාදයට නියමිතව තිබුණේ විදුලි බල පනත ගැන බවත් 22 වනදා Business Committee තුළ සාකච්ඡාවක් කැඳවා මෙය තාවකාලිකව නතර කර අධ්‍යාපනය පිළිබඳ විවාදයක් සිදු කළ යුතු බවට පැවසූ බවත් එම කරුණ ගැන විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කළ පසු පැහැදිලි ධවල පත්‍රිකාවක් නොමැතිව මෙම විවාදය පවත්වාගෙන යාම අසාර්ථක කාර්යක් බවත් ධවල පත්‍රිකාව කේන්ද්‍ර කර ගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විධිමත් සාකච්ඡාවක් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අගමැතිවරිය ද මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කරුණු ඉදිරිපත් කළේ විධිමත් ධවල පත්‍රිකාවක් මගින් නොවන බවත් මෙම Power Point ඉදිරිපත් කිරීම පදනම් කර ගෙන මෙරට අධ්‍යාපනය සිදුවන්නට අදහස් කරන පරිවර්තනාත්මක වෙනස ක්‍රියාත්මක කිරිම Power Point ඉදිරිපත් කිරීමක් හරහා විවාදයට ලක් කිරිම සුදුසු නොවන අවිධිමත් බවත් අවම වශයෙන් මෙම විවාදය පවත්වන්නට නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විධිමත් පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු බවත් ඒ අනුව විවාදය සිදු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අපට දින 03ක විවාදයක් අවශ්‍යයි

මේ සදහා දින 3ක විවාදයක් අවශ්‍ය බවත් පක්ෂ විපක්ෂ සියලු දෙනාටම පරිවර්තනාත්මක වෙනස ගැන අදහස් ඉදිරිපත් කරන්න ඇති බවත් හෙට දිනයේ මෙය පවත්වන්නේ නම් විධිමත් ධවල පත්‍රිකාවක් අවශ්‍ය බවත් එවැනි විධිමත් පත්‍රිකාවක් නොමැතිව Power Point ඉදිරිපත් කිරීමක් මත පදනම්ව මෙම විවාදය සිදුකිරීම නිදහස් අධ්‍යාපනයට බාධාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රසිද්ධ බේකරි ව්‍යාපාරිකයෙක් දේශබන්දුට අරන් දුන් ඉඩමක් ගැනත් විමර්ශනයක් ?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් බුලත්සිංහල ප්‍රදේශයේ වටිනා...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අධ්‍යාපනය සුහුරු මෙන්ම මූලික අයිතියක් විය යුතු යි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපනය සම්බන්ධ විවාදය හරාත්මක ධනාත්මක ගුණාත්මක...

තුන් පිම්මට පෙර සඳරුවන් පැන්න පිම්ම ගැන සරසවි අධ්‍යාපනය පසුපසට පැනීමේ කතාවක් නැද්ද?

නිශ්මං රණසිංහ ජූලි 25, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපීමේ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ...