චෙම්මනි සමූහ මිනී වලෙන් මිනිස් සිරුරු 67ක අස්ථි කොටස් හඳුනා ගනී – කැණීම් තවදුරටත් ක්‍රියාත්මකයි! (PHOTOS)

Date:

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි කොටස් සොයාගත් ස්ථානයේ සිව්වන අදියරේ කැණීම් පසුගිය (21) වැනි දින ආරම්භ කළ අතර ඊයේ (23) දිනය විට එම ස්ථානයෙන් මිනිස් සිරුරු 67ක අස්ථි කොටස් හඳුනාගෙන තිබේ.

අද දිනයේදීත් එම ස්ථානයේ කැණීම් සිදුවූ අතර සිව්වන අදියරේ කැණීම් කටයුතු දින 15 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ ආණූආ සිවවන අදියරේ කැණිම් අගෝස්තු 4 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත එම කැණීම් කටයුතු සිදුවන අතර හමු වූ අස්ථි කොටස් සහ භාණ්ඩ අංකනය කොට වර්ගීකරණය කිරීමේ කටයුතු යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙයි. ඒවා යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා හා මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ ගබඩා කර ආරක්ෂා කිරීමට කටයුතු කර සලස්වා තිබේ.

කැණීම් කටයුතු සිදුවන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙනි.

කෙසේ වෙතත් දැනට එම ස්ථානයෙන් හමුවූ අස්ථි කොටස් පිළිබඳ තවමත් කාල නිර්ණය කර නොමැත. එම විශ්ලේෂණ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.

එම කැණීම් වලදී භාණ්ඩ කිහිපයක්ද හමු වී තිබේ. එම භාණ්ඩ අතර රබර්වලින් සකස් කරන ලද බෝනික්කෙකු,සපත්තු යුගලක්, කුඩා දරුවන් භාවිතා කරන පාසල් බෑගයක්,කුඩා දරුවන් පළදින වළලු යුවළක්,මිනිස් ඇඳුම් කොටස් කිහිපයක්,කිරි බෝතලයක්තු,වක්කු බැරලයක කොටසක් වැනි කොටසක් හා තවත් විවිධ ද්‍රව්‍ය කිහිපයක් වෙන්කරගෙන ඇත.

උක්ත සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට 2025 පෙබරවාරි මස 20 වන දා පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබුණි.

අදාළ අස්ථි කොටස් හමුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් යාපනය පොලීසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර ඉන් අනතුරුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගය මත එහි කැණීම් කටයුතු ආරම්භ විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...