සයුරි අවසාන පූර්ව වටයේදී හය නිමංසා මූලික තරගයේදී හය

Date:

නිශ්මං රණසිංහ ජූලි 24, කොළඹ LNW:

ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රිඩිකාවන් අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා දීමේ හවුල්කාරිණියකව සිටින සයුරි මෙණ්ඩිස් මීටර් 400 කාන්තා තරගයේ අවසාන පූර්ව වටයේ තරගයෙන් හයවන ස්ථානයට පත් වූවාය.ඇය වාර්තා කරන ලද කාලය තත්පර 54.26 කි.


මූලික තරගවලදී සයුරි අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ තත්පර 53.75 ක දක්ෂතාවයක් මඟින් ය.ලෝකයේ ක්‍රීඩා තරු ඒ ඒ රටවල විශ්ව විද්‍යාල නියෝජනය කරමින් තරග බිමට පිවිසෙන අතර ශ්‍රී ලංකාවේ විදේශ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩිකාවන්ට මෙම උළෙල නියෝජනය කරන්නට ඇති අවස්ථාවන් කවරේද යන්න පැහැදිළි නැත.එම විශ්ව විද්‍යාල මඟින් ඔවුන්ව එරට නියෝජනය වීම වරදක් වන අතර එම විශ්ව විද්‍යාලවල සිට මෙරට නියෝජනය කිරීමේ හැකියාවක් තිබුණේනම් මෙවර මෙම ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් තරුශි කරුණාරත්නට ද සහභාගි වීමට අවස්ථාවක් ලැබෙන්නට තිබිණ.


මෙම ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව මීට වඩා සමාජය දැනුවත් කිරීමේ අවශ්‍යයතාවය ද වැදගත් වන අතර නිරෝගී, උගත් ක්‍රීඩාශීලී පුරවැසියන් නිර්මාණය කිරීමේ ඉලක්කයකට අධ්‍යාපනය හැසිරවීමේ වැදගත්කම ද තේරුම් ගත යුතුව ඇත.අවධානය යොමු කරන විෂයක් හැටියට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ක්‍රීඩාව ගැන දක්වන්නේ අඩු අවධානයක් වන අතර ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවකට යම් විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙන්නට අවස්ථා ලැබුණු විට ඇයගේ හෝ ඔහුගේ ක්‍රීඩා පුහුණුවට පහසු පරිදි විශ්ව විද්‍යාලය වෙනස් කර දීම හෝ සිඳු කිරීමට පවතින නීති රාමුවලම හිර වී සිටින නිලධාරීන් ක්‍රියා නොකරන නිසා ක්‍රීඩාව අත හරින ලද ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිටිති.
මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 200 කාන්තා තරගයට සහභාගි වූ නිමංසා හේරත් එහි හයවන මූලික තරගයට සහභාගි වී එහි හයවැන්නා ලෙස තරගය නිම කළාය.තත්පර 25.19 ක දක්ෂතාවයක් දැක් වූ ඇයට අවසාන පූර්ව වටයට පිවිසීමට සුදුසුකම් නොලැබුණාය.
මේ දක්වා මලල ක්‍රීඩා ඉසව්වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නව ජාතික වාර්තාවක් තැබූ රසාරා විජේසූරිය ද,මීටර් 400 අවසාන පූර්ව වටයට පිවිසි සයුරි මෙණ්ඩිස් ද,මීටර් 200 නියෝජනය කළ නිමංසා හේරත් ද කැළණිය සරසවියේ සිසුවියෝය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් රටවල් 33ක් වීසා ගාස්තුවලින් නිදහස් කෙරේ. සම්පූර්ණ ලැයිස්තුව මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ...

හිටපු ඇමති හර්ෂණගේ පුරප්පාඩු දෙකකට නව මන්ත්‍රී නිශාන්ත පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ...

හොර ඔප්පු නඩුව : ඇමති වසන්ත, නියෝජ්‍ය ඇමති මහින්ද සහ නගරාධිපති ජයලාල් සම්බන්ධයෙන් උසාවියෙන් නියෝගයක් !

පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක්...

සියළු ව්‍යාපෘති කඩිනම් කරන්න – ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ...