දින ගාණනයි ශතක ගණනයි සම වුණ, ඉණිම් දෙකෙන් අවසන් වූ සිව්දින තරගය

Date:

නිශ්මං රණසිංහ ජූලි 24, කොළඹ LNW:

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ දෙවන සිව්දින තරගයත් ජය පරාජයකින් තොරව නිමාවට පත් වුණා.ශ්‍රී ලංකා ඉණිමට පවන් රත්නායක (122) සහ නුවනිදු ප්‍රනාන්දු (102) එක් කළ ශතක අයත් වූ අතර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නායක ජේසන් සංගා ලකුණු 202 ක් නොදැවී ද,ජැක් වෙදර්ල්ඩ් ලකුණු 187 ක් ද ලබමින් තරගයේ වාර්තා වූ ශතක ප්‍රමාණය හතරක් බවට පත් කළා.ඒ අතරින් ඔස්ට්‍රේලියානු ඒ නායකයා ශතකයේ සීමාව ඉක්මවා මේ තරගයේ දී ද්විත්ව ශතලාභියෙකු වන්නට ද සමත් වුණා.
ශ්‍රී ලංකාව පළමු ඉණිමට කඩුලු 6 ට ලකණු 485 ක් ලැබීමෙන් ඔස්ට්‍රේලියාවට එල්ල කළ තර්ජනයට පිළිතුරු දෙමින් ඔස්ට්‍රේලියාව සිය පළමු ඉණිමට කඩුලු 4 ට ලකුණු 558 ක් රැස් කරනු ලැබුවා.තරගයේ තීරණයක් සදහා යාමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන, කාලයට අනුකූලව ක්‍රියාත්මක වූ මේ දීර්ඝ ඉණිම් දෙක නිසා තරගය කණ්ඩායමකට එක ඉණිම බැඟින් හිමි වී ජය පරාජයෙන් තොරව කෙළවර වුණා.


පන්දු යවන්නන්ට කිසිඳු සහනයක් නොලැබුණු තරගයේ දී තමන්ගේ වරදකින්,අතපසුවීමකින් කඩුල්ල ලබා දෙන පිතිකරුවන් මෙන්ම ඉතාම හොද පන්දුවකින් කඩුලු හිමිවීමේ අවස්ථා ද ලෙස ගත්ත ද මේ තරගයේදී දින හතරටම දැවී ගොස් ඇත්තේ කඩුලු 10 ක් පමණයි.එම කඩුලු 10 බිඳ වැටෙද්දී කණ්ඩායම් දෙකම රැස් කර තිබෙන ලකුණු ප්‍රමාණය ලකුණු 1043 ක් වෙනවා.


තරගකාරීත්වය ජය පරාජය ගැන තීරණයක් ලැබෙන බව ආදි කරුණු කිසිවක් ප්‍රදර්ශණය නොවුණු තනිකරම පිතිකරණ සංදර්ශනයකට වෙන් වුණ දින හතරක් ලෙස ගෙනී අවසන් වූ ශ්‍රී ලංකා ඒ සහ ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම් අතර පැවති දෙවන සිව්දින තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.


https://bit.ly/4lENMus
ඡායාරූපයේ සිටින්නේ ද්විත්ව ශතකලාභී ඔස්ට්‍රේලියානු ඒ කණ්ඩායමේ නායක ජේසන් සංගා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති හර්ෂණගේ පුරප්පාඩු දෙකකට නව මන්ත්‍රී නිශාන්ත පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ...

හොර ඔප්පු නඩුව : ඇමති වසන්ත, නියෝජ්‍ය ඇමති මහින්ද සහ නගරාධිපති ජයලාල් සම්බන්ධයෙන් උසාවියෙන් නියෝගයක් !

පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක්...

සියළු ව්‍යාපෘති කඩිනම් කරන්න – ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ...

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට දින දෙයි! අල්ලස් කොමිසමටත් නොතිසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන...