තායිලන්තය සහ කාම්බෝජය අතර සන්නද්ධ දේශසීමා ගැටුම් ඇරඹේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සහ කාම්බෝජය අතර මතභේදාත්මක දේශසීමා අතර සන්නද්ධ ගැටුම් ඇති වී ඇති බව දෙරටේ හමුදා ප්‍රකාශ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් තායි හමුදාව ප්‍රකාශ කර තිබුණේ, මතභේදාත්මක ටා මෝන් තොම් දේවාලය අසල ප්‍රදේශයක කාම්බෝජ හමුදා වෙඩි තැබූ බවත්, කාම්බෝජ හමුදා ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිචාර දක්වා ඇති බවත්ය.

පසුගියදා මෙම ප්‍රදේශයේ බිම් බෝම්බයකට හසු වීමෙන් තායි සොල්දාදුවකුගේ පාදයක් අහිමි වීමෙන් අනතුරුව තායිලන්තය කාම්බෝජයේ තම තානාපතිවරයා ආපසු කැඳවා බැංකොක්හි කාම්බෝජ තානාපතිවරයා නෙරපා හරින බව ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම ගැටුම ඇති වී ඇත.

මෑතකදී එම ප්‍රදේශයේ බිම් බෝම්බ තැන්පත් කර ඇති බව තායිලන්තය පවසා ඇති අතර, එය පදනම් විරහිත චෝදනා ලෙස කාම්බෝජය ප්‍රතික්ෂේප කර ඇත. දශක ගණනාවකට පෙර සිවිල් යුද්ධයෙන් ඉතිරි වූ බිම් බෝම්බ රාශියක් කාම්බෝජයේ ඇති අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම්වලට අනුව එම සංඛ්‍යාව මිලියන ගණනක් වේ.

කෙසේ නමුත්, කාම්බෝජය තායි චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් තහනම් කර ඇති අතර තායි පලතුරු සහ එළවළු ආනයනය නතර කර, අසල්වැසියාගේ ජාත්‍යන්තර අන්තර්ජාල සම්බන්ධතා සහ බල සැපයුම වර්ජනය කර, තායිලන්තයෙන් ඉන්ධන ආනයනය ද නතර කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොබාදහම සහ කලාව ඇදහිය නොහැකි භූමි මූර්තිවලින් එකට එකතු වන ජෝන් ෆෝමන්ගේ විශ්මිත ලෝකය!

කොළඹ (LNW): ගල්, ඩ්‍රිෆ්ට්වූඩ් සහ අනෙකුත් ස්වාභාවික ද්‍රව්‍ය භාවිතා...

Fun Friday: පළිගැනීම ඉන්ධනයක් කරගත් “Ballerina”

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

තවත් රටවල් 33ක් වීසා ගාස්තුවලින් නිදහස් කෙරේ. සම්පූර්ණ ලැයිස්තුව මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ...