ආගමන හා විගමන පාලකට එරෙහි පැමිණිල්ලේ දඬුවම් නියම කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ LNW :

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහි පැමිණිල්ලේ දඩුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබා තිබෙන බව වාර්තා වේ.

ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ, අධිකරණයට අපහාස කළ යැයි චෝදනායි.

එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ නමුත්, එම තීන්දුව සැප්තැම්බර් මස 23 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ බව වැඩිදුරටත් වාර්තා වේ.