ශ්‍රී ලංකාව හා තුර්කිය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව පුළුල් කිරීමට පියවර!

Date:

කොළඹ LNW:වෙළෙඳ අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ ( JCETC ) තුන්වන සැසිවාරය වෙළෙඳ, වාණිජ, අහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ තුර්කි ජනරජයේ ජාතික අධ්‍යාපන අමාත්‍ය ගරු යූසුෆ් ටෙකින් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දින කොළඹදී ආරම්භ විය.

දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සාකාච්ඡාව පැවැත්වේ.

මෙම සැසිවාරය, ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර එය දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපන සහ තාක්ෂණික සහයෝගීතාව ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන උපායමාර්ගික ප්‍රවේශයන් සඳහා මඟ විවර කරනු ඇත.

නව අවස්ථාවන් ගවේෂණය කිරීමේ අරමුණින් දෙරටේම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ තාක්ෂණික විශේෂඥයින් මෙම සැසියේදී හමු විමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...