SLMICE Expo 2025 තව කල් තියෙන නිසා තවත් අලුත් කරන්න පුළුවන් වැඩක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 24, කොළඹ LNW:

මේ දිනවල සමාජ ජාලාවන් හී දකින්නට ලැබෙනවා විදේශික පවුලක් කුඹල් කර්මාන්තය කරන වියපත් යුවලක් හොයාගෙන ගිහිං ඒක රස විඳින හැටි.ඒක අවසාන වෙන්නෙ ඒ පුංචි දරුවන්ට ලැබෙන සෙල්ලම් වලං කට්ටටලයකින්.අපිට ප්‍රධාන වශයෙන් ඇහැ ගැහෙන්නෙ නැති වැඩක් විදිහට සංචාරක අවධානය ගන්න පුළුවන් මැටි වැඩවලට නෙමෙයි මැටි වැඩ කරන තැන්වලටත් කියලා මේක දැක්කම දැනෙන්න ගත්තා.


ඇත්තටම මේ සටහන් අස්සට ඒක උස්සලා ඔබන්න හෙව්වත් ලැබුණෙ නැහැ.ඒත් රජයේ මාධ්‍ය සහ පරීක්ෂක ක්‍රියාවන්ට සම්බන්ධ පිරිස් මම හිතන්නෙ මේක දැකලා ඒ ගැන හොයලා ඇති කියලයි.හැබැයි ඇත්ත කතාව මේවා දැක්කට අලුත් මාර්ග කරා යොමු කළ හැකි දේ කියලා දැණුනට කරන්න අමාරුයි කියන කාරණය ගැන මටත් අත්දැකීම් තිබීමයි.උදාහරණයකට කුණු යොදාගෙන ගඩොල් හදන හාදයෙක් හිටියා එඩේරමුල්ල පැත්තෙ.ඔහුව ව්‍යවසායකයෙක් විදිහට නැඟිට්ටවන්න පුළුවන් ද කියන කාරණයට, ඒක ඔහුට කරන්න අවශ්‍යය මූල්‍යමය පහසුකම් ලබා දෙන්න වගේම ඉඩමක් හොයා දෙන වැඩේටත් වෙච්චි මහන්සියෙදි දකින්න ලැබුණෙ වැඩිපුරම වීනා වැයුම් මැද සිටින බීරි අලීන්වයි.


මොනම හරි දෙයක් කරන කෙනෙක්ට ඒකෙ ව්‍යාප්තිය ගැන නොපෙනෙන දුරක් හීනයක් දකින මිනිස්සු ඉන්නවා.ඒ හීන තමයි අර මනුස්සයව උස්සගෙන ගිහිං රටට වඩාත් පලදායී තැනෙක රඳවන්න ඕනි.
ඉහත කාරණාවන් ටික ලියන්න හිතුණෙ SLMICE Expo 2025 එළැඹෙන සැප්තැම්බරයේ 22 සිට 26 දක්වා කොළඹ කේන්ද්‍රීයව පවතින බව කියන්නට තිබුණු මාධ්‍ය හමුවට සහභාගි වූ පසුවයි.උඩ සිට පහළට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේක එල වැඩක්.ඇත්ත කතා කළොත් ලංකාවෙ තියෙන ඩොලර් සා ගින්න පියවන්න ඩොලර් ගස් හොළවන වැඩක්.මේ වැඩේ එතනටම ගෙනත් නවත්තන්න ඕනි කියන තැන නැවතුණාම සැප්තැම්බර්වලට කල් තියෙන නිසා ප්‍රවෘත්තියකට වඉා වැදගත් සිහින ගොඩක් බෙදා ගත්තොත් වැඩක් වෙයි කියලා හිතුණා.


මේ ප්‍රදර්ශනය ඉතිහාසයේ ප්‍රථිම වරට පවත්වන එකක් නොවන සම්ප්‍රදායිකව ගලාගෙන ආපු තියපු එකක්.ඒක තමයි ඇත්ත.තියපු ඒවා සාර්ථක ද? මොනවද ලැබිලා තියෙන ප්‍රගතිය.හරියටම එක්ස්පෝ එකකින් පස්සෙ අපේ ආර්ථිකය කොයි තරම් දුරට ප්‍රසාරණය කරන්න ඒක බල පාලා තියෙනවද? මේවා සියුම්ව හොයලා නැතුව ඇති.අමාරු ඒත් කරන්න ඕනි වැඩක්.


ඒ අත්දැකීම්වලින් පස්සේ අර හීන දකින මිනිස්සුන්ගේ කතාවලින් ඇහිද ගෙන ප්‍රායෝගිකව කරන්න පුළුවන් මේ දක්වා අවධානයට ලක් නොවුණ දේ කොච්චර අහිදගෙන මේ ප්‍රදර්ශනයට ගෙනත් තියෙනවද? මේ තත්ත්වය පැහැදිළි නැහැ.සමහර විට මේවා පැය ගණනක් කතා කරන්න පුළුවන් දේවල් වෙන්න ඇති.ඒ නිසා මාධ්‍ය හමුවෙදි නොකිව්ව වෙන්න ඇති.ඒත් පුළුවන් වුණානම් ඒ මොනවද කියලා සාරංශ ගත කරලා දෙන්න ප්‍රචාරයේ වැදගත්කම වගේම රජයට දේශපාලනිකව වැදගත් වෙන්නත් පුළුවන්.


ඒ වගේම මේ ප්‍රදර්ශනයෙන් ආවරණය වෙන කේෂ්ත්‍ර මොනවද කියලා දුන්න මාධ්‍ය පත්‍රිකාවටම තව කොළ දෙක තුනක් එකතු කරන්නත් තිබුණා.එහෙම වුණානම් වැඩේ මීට වඩා බර වෙනවා විතරක් නෙමෙයි ඒක අරගෙන ලකුණු වැඩියෙන් එන ප්‍රවෘත්ති සහ වාර්තා හදන්නත් මාධ්‍යයට පුළුවන් වෙන්න තිබුණා.


හැබැයි ඒ ටික නොවුණා කියලා මේ වැඩේ සැහැල්ලු එකක් නෙමෙයි.ලෝකයෙ සංචාරක ඒජන්තවරුන්,විදේශ මාධ්‍ය ඉදිරියෙ,යූටියුබ් චැනල් ඉදිරියේ ලෝකයට පෙන්නන්න හදන දේ මෙච්චරක් විතර මහත වුණාම ඇතියි කියලා සීමාවක් නැහැනෙ.පෘෂ්ඨිමත් වෙන තරමට රටට වැදගත්.ආර්ථිකයට වැදගත්.


මේ තත්ත්වය පාදක කරගෙන ඉහත කියපු කාරණා පිළිබඳ අවධානය යොමු කරලා වට්ස්ඇප් මඟින් හෝ විද්‍යුත් තැපෑල මඟින් තවත් වරක් දැන්වත් කිරීමටත් කාලය තිබෙනවා.සමහර විට ඒ ගැන කරන අදහස් දැක්වීම් තව වසරකට පමණක් නොවේ කාලයකට ලංකාවේ සංචාරක කේෂ්ත්‍රයට වැදගත් වෙන්නත් පුළුවන්.
ඒත් මෙහි හැඩය ගත් විට දේශිය පමණක් නොව විදේශිය වශයෙන් ද නිෂ්පාදන සහ සේවා ලෝකයට හඳුන්වා දීමට හැකි ඉඩ වැදගත් වෙනවා.අති සංවේදී කාරණාවන් ගැන මෙවැනි වැඩ ඉලක්ක නොකර සමස්තය ඉලක්ක කරගෙන කරගෙන යාමත් වැදගත්.සංචාරක පොලිසිය වැගෙ ආයතන මෙතනදි වැදගත්.නිතර දකිනවා දාහක් වැරදි කතා කරන සමාජයක හොඳ සේවාවක් ලබා දෙන මිනිස්සු. සංචාරකයින් ඉතාම ඉහළින් වර්ණනා කරන ත්‍රීවීල් රියදුරන්,සංචාරක නවාතැන් හිමියන්.මෙවැනි අය ගැන සමාජ මාධ්‍යයට තොරුතුරු වාර්තා කරන මාධ්‍ය එ්කකයක් සංචාරක කේෂ්ත්‍රයට රජය සම්බන්ධ වෙන කුමනා හෝ ආයතනයක ස්ථාපිත විය යුතුයි.මෙවැනි ප්‍රදර්ශනයකදි එවැනි දේ අගයන්නට සුළුවෙන් හෝ හැකිනම් එයත් වැදගත්.


මේ අදහස් වලින් වැඩේ පළල් වෙනවා තමයි.සමහර වෙලාවට මේ දක්වා ඇතුළත් නොවුණු දේවල් සීමා ඉරාගෙන පළලට විහිදෙනවා වෙන්නත් පුළුවන්.ඒත් එහෙම කළොත් රටට වැදගත් වෙයි කියා සිතෙන නිසා ලියා තැබීම වැදගත්.


අපේ සුභාශිංෂනය මේ වැඩේට එකතු කරන්නෙ එයින් රටට වැදගත් මෙහෙවරක් වෙන නිසයි.ඒ වගෙම තවත් සේවයක් විය හැකි ඉඩ කඩ පළල් කර ගැනීමට සිතීමත් කළ යුුතු බවත් යෝජනා කරනවා.ගෝලීය සංකල්පය තුළ වැඩි පුර අවස්ථාව දිනා ගන්නට වැඩිපුර වන මහන්සියට වැඩිය ඉතාම සුළු වෙනසකින් හැකියි.ඒ වෙනස සඳහා ඉඩ තියෙන විශාල ලෝකයක් ඇතුළෙ SLMICE Expo 2025 සාර්ථක වීමට හැකි ප්‍රමාණයටත් වඩා සාර්ථක වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...

චෙම්මනි ඛේදවාචකය:දෙවන අදියරේ 20 වැනි දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගනී! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව – තවත් 2000කට වැඩි දෙනෙක් අත්අඩංගුවේ!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා...