ඉන්දියාව චීනයට සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධන වේගයක

0
524

ඉන්දියාව මේ වන විට ප්‍රධාන ආර්ථිකයන් අතර ප්‍රමුඛයා වේ. ඉහළ යන ගෝලීය උද්ධමනය සහ පොලී අනුපාත මධ්‍යයේ වුවත් ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2022 වසර තුළ ආසියා කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරමින් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉන්දියාව 8% කින් වර්ධනයව ඇති බව පුරෝකතනය කර ඇත. එය ඉන්දියාවේ පසුගිය වසරේ පැවැති 9% ප්‍රක්ෂේපණයට වඩා අඩු අගයක් වුවද ආසියා කලාපයේ වාර්තාගත ප්‍රගතියකි. ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෙකු වන ලුයිස් බෲයර් විසින් 2023 දී දළ දේශීය නිෂ්පාදිතය 7% ට ආසන්න වන බව ප්‍රකාශ කොට ඇත.

චීනයේ ජනාධිපති පසුගිය දා “ශුන්‍ය-කොවිඩ්” අගුලු දැමීමක් සිදු කළ අතර එය පාරිභෝගික සහ ව්‍යාපාරික විශ්වාසයන්ට බරපතල පහරක් විය.ඒ අනුව ආසියාවේ විශාලතම ආර්ථිකය වසරකට පෙර අප්‍රේල්-ජූනි කාර්තුවේදී 0.4% කින් වර්ධන අගයක් ප්‍රකාශ විය. එය මුල් කාර්තුව තුළ 4.8% වර්ධන වේගයක් පෙන්නුම් කර තිබිණි.

මේ වන විට චීනයේ නවතම සංඛ්‍යා දත්ත හා සහ බුබුළු නැඟෙන දේපල වෙලඳපොල ගැටලු හේතුවෙන් 2022 දී චීන ආර්ථිකයේ ඉදිරි දැක්ම තව දුරටත් අඳුරු කරනු ඇති බව ආර්ථික විද්‍යා විශේෂඥයන් විසින් අනාවැකි පලකර ඇත.

සශිකලා මධුෂාණී_OBT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here