ජනපති රනිල් හිටපු ජනපති මෛත්‍රීගේ නිවසට ?

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදිංචිව සිටි කොළඹ, පැජට් පාරේ පිහිටි නිල නිවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදිංචිය සඳහා ලබාදීමට කටයුතු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය යන දෙකම අරගලකරුවන් විසින් භාරදීමෙන් පසු, මේ වනවිට නීතිමය කටයුතු සිදුකෙරෙන බැවින් සහ ඒවායේ විශාල අළුත්වැඩියාවන් සිදුකිරීමට සිදුව ඇති බැවින් නව ජනාධිපතිවරයාට නිල නිවෙසක් නොමැති තත්වය මත මෙසේ පැජට් පාරේ නිවස ඒ සඳහා ලබාගැනීමට නියමිත බව සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ද පසුගිය 13 වනදා පැවති විරෝධතා අතරතුර ගිනිතැබීමට ලක්විය.

පැජට් පාරේ පිහිටි නිල නිවස, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියදී අමාත්‍ය නිලනිවාස ඒකක දෙකක් එකතුකර ජනාධිපතිවරයකුගේ භාවිත වෙනුවෙන් විශේෂ පහසුකම් සහිතව විශාල පිරිවැයක් දරා නවීකරණය කරන ලද නිල නිවසක් වන අතර සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසුවත් එම නිල නිවසේම රැඳී සිටි නමුත් අධිකරණ නියෝගයක් මත මීට මාස දෙකකට පමණ පෙර ඒ මහතාට එම නිවසෙන් ඉවත් වීමට සිදුවිය.

ඒ අනුව එම නිලනිවස රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...