කළු සල්ලි වලට මොකද වෙන්නෙ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක කළු මුදල් විශුද්ධිකරණය කිරීමට විවිධ රටවල ගිණුම්ගත කර හෝ ව්‍යාපෘතිවල ආයෝජනය කර ඇති දේශපාලකයන් හා පාතාල අපරාධකරුවන් ගැන තහවුරු නොකළ වාර්තා රජයට ලැබී ඇති අතර  ඒ පැනමා පත්‍රිකා, පැන්ඩෝරා පත්‍රිකා ආදිය මඟින්ද මෙබඳු කළු සල්ලි ආයෝජකයන් ගැන තොරතුරු වාර්තා වී ඇති බව රජය පවසයි.

ඒ දේශපාලකයන් හා පාතාල අපරාධකරුවන් සොරකම් කරන ලද හෝ අපරාධවලින් උපයාගෙන විදේශ රටවල සඟවා ඇති මුදල් වන අතර, එම මුදල්  නැවත මෙරටට ලබාගෙන රාජසන්තක කිරීමට හැකිවන නව නීතියක් පැනවීමට රජය බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් අනුව මෙම නීතිය පැනවීමට රජය අපේක්ෂා කරන බව දැනටමත් මූල්‍ය අරමුදලට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

2024 මාර්තු මාසය වනවිට මෙකී නව නීතිය කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අධිකරණ අමාත්‍යවරයා ප්‍රතිඥා දී ඇති බවට තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...