*
Monday, May 13, 2024
spot_img

Latest Posts

ලෝක කුසලානයට යන අතරමැද බොට්ස්වානාවලින් ශ්‍රී ලංකාවට හොඳ අත්දැකීමක්

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට පෙර බොට්ස්වානා හී පැවති නෙට්බෝල් තරගාවලිය සාර්ථකව නිමා කරමින් යහපත් අත්දැකීම් සහිතව පිටව යන්නට ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට හැකි වුණා.ප්‍රවේගකාරී ක්‍රීඩා රටාවක් හිමි බොටිස්වානා නෙට්බෝල් සංස්කෘතිය සමඟ ගැටුණ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මේ තරගාවලියෙන් ලැබුණ අත්දැකීම් විශාල වැදගත්කමක් වනු ඇති බව පුහුණුකාරිණී තිලකා ජිනදාසගේ අදහසයි.එසේම ඒ තරග රටාවන්වලට මුහුණ දෙමින් කණ්ඩායම නිරෝගීව සිය සෞඛය තත්ත්වය පවත්වාගෙන යන බව කණ්ඩායමේ වෛද්‍යවරයා වන ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායකද පවසනවා.


අවසන්වරට ශ්‍රී ලංකාව බොට්ස්වානා ජාතික කණ්ඩායම හමු වූ අවස්ථාවේ පළමු තරගයට වඩා ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් දැඩි තරගයක් ලබා දීම කැපී පෙණුනා.පළමු හමුවීමේදී ලකුණු 70 – 51 ලෙස පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වරට හමු වූ අවස්ථාවේ එම පරතරය ලකුණු 58 – 54 ක් දක්වා අඩු කර ගන්නට සමත් වුණා.විශේෂයෙන්ම එම තත්ත්වයට පිවිසීමේදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සන්නාමය වන තර්ජනී සිවලිංගම් මුල් කණ්ඩායමට ඇතුළත් නොකර ඇයව ආරක්ෂා කර ගැනීමටත් පුහුණුකාරිණී තිලකා ජිනදාස ගත් උථ්සාහය අතිශයින් වැදගත් වෙනවා
වයස් ඛාණ්ඩ සළකද්දී ශ්‍රී ලංකාවට තවත් දීර්ඝ කාලයක් ක්‍රීඩා කළ හැකි ක්‍රිඩිකාවන් ද මෙම කණ්ඩායමට ඇතුළත් වන නිසා තර්ජණීගෙන් තොරව කණ්ඩායමක් හැටියට දක්ෂතා දැකිවිය හැති බවට විශ්වාසයක් ඇති කිරීමද මේ තරග කළ ආකාරයෙන් ඇති කරවන්නට තිලකා සමත් වී තිබෙනවා.ඒ නිසාම කණ්ඩායම් හතරක් මේ තරගාවලිය නියෝජනය කළ අතර එම කණ්ඩායම් හතරෙන් වටිනාම ක්‍රිඩිකාව තේරීමක් සිඳු වූ අතර එහිදී මේ තරගාවලියේ දී තර්ජණිගේ අවශ්‍යයතාවය ආවරණය කළ තිසාලා අල්ගම ශ්‍රී ලංකා කණ්ඩායමේ වටිනාම ක්‍රීඩිකාව බවට නම් කර තිබුණා.ඇය GS ලෙස කටයුතු කළ අතර මේ දක්ෂතාවය සමඟ ලෝක කුසලාන තරගාවලියේදී තිසාලා ට GA හී දී ශ්‍රී ලංකා ලකුණු ලබා ගැනීම සඳහා තර්ජණි සමඟ එක්වී විශාල සේවයක් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව සිතිය හැකියි.

තිසාලා අල්ගම


අවසන් හමුවේදී පළමු කාර්තුව ලකුණු 15 – 13 ක් ලෙස ඉදිරියෙන් සිටින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.වඩාත් ආක්‍රමණශීලීව දෙවන කාර්තුවේදී ක්‍රීඩා කළ බොට්ස්වානා ක්‍රීඩිකාවන් ලකුණු 16 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 10 ට සීමා කළා.තුන්වන කාර්තුවේදී එම ආක්‍රමණය කළමණාකරණය කරමින් බොට්ස්වානා ක්‍රීඩිකාවන් ලකුණු 15 ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාවට හැකි වුණේ ලකුණු 13 ක් ලබා ගැනීමට පමණයි.නමුත් අවසාන කාර්තුවේදී සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ශක්තිය හීන වීමක් පෙන්නුම් කරනවා වුව ද,මේ තරග අත්දැකීම් සමඟ වෙනස් වී අයුරු පැහැදිළි කරමින් අවසාන කාර්තුවේ වැඩි ගෞරවය දිනා ගන්නට සමත් වුණා.ඒ ලකුණු 16 – 14 ක් ලෙස ලබා ගනිමින්.ඒ අනුව තරගයේ අවසානය ලකුණු 58 – 54 ක් ලෙස බොට්ස්වානා කණ්ඩායම ජය ගත්තද තරගාවලිය තුළ ලැබූ අත්දැකීම් සමඟ ශ්‍රී ලංකාව කණ්ඩායමක් වශයෙන් දක්ෂතා අතින් පියවර කිහිපයක් ඉදිරියට පැමිණ තිබෙන ආකාරය දකින්නට ලැබුණා.
බොට්ස්වානා හී වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විශාල ප්‍රමාණයක් නැති වුව ද,සිටින ප්‍රමාණයෙන් සෑහෙන ප්‍රමාණයක් තරගය නැරඹීමට පැමිණ විශාල සහයෝගයක් ලබා දුන් අතර මේ සමඟ වන ඡායාරූපයේ දැක්වෙන්නේ එසේ පැමිණි පිරිස් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.බොට්ස්වානා හී දී ශ්‍රී ලංකාවට විශාල ගෞරවණීය පිළිගැනීමක් ලැබුණු අතර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලද කණ්ඩායමක් ලෙස ඔවුන් ඇගයීමකට ද ලක් විය.එම තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණයට වඩා කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන්ට ඉහළ තරග අත්දැකීමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර කටයුතු කළ අතර තිලකා ජිනදාසගේ බලාපොරොත්තුව මේ අත්දැකීම් සමඟ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විශාල ප්‍රගතියක් අත් කර ගනු ඇති බවය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan