WHO උපදෙස් මගහැර අනිවාර්ය ආදාහනයට උපදෙස් දුන් අය හෙළිකළ යුතුයි. අගතියට පත් ජනතාවට වන්දි ගෙවිය යුතුයි – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොවිඩ් වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය අදාහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සමාව අයැදීම හොද කටයුත්තක් බවත් මෙම අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් සහාය දුන් බවත් ඒ හරහා මුස්ලිම් ජනතාවගේ ආගමික සංස්කෘතික අයිතිය සම්පුර්ණයෙන් කෙළෙසුණ බවත් රට තුළ ජාති වාදය, ආගම්වාදය ක්‍රියාත්මක වුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන භුමදාන සහ ආදහන ප්‍රශ්නය සම්බන්ධයෙන් වැරදි තීන්දුවක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය ගත් බවත් මෙම තීරණය කුමන පුද්ගලයාගේ වාර්තා මත ක්‍රියාත්මක වුවක්ද, මේ සඳහා උපදෙස් ලබාදුන්නේ කවුරුන්ද, එම උපදෙස පිළිබඳව දේශපාලන අධිකාරිය පරීශීලනය කර සොයා නොබැලීමට හේතුව කුමක්ද, යන්න සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

නිලධාරීන් ප්‍රකාශ කළ පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මහහරවා මෙවැනි අපරාධයක් මුස්ලිම් ජනතාවට සිදුකිරීමට වැරදි තීන්දු ගත් පිරිස නම් කර භුමදාන සහ ආදහන ප්‍රශ්නයේදී අගතියට පත් මුස්ලිම් ජනතාවට වන්දියක් ලබාදිය යුතු බවත් මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලා ප්‍රශ්නයෙන් පලා යාමට උත්සහ නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තමන් ඔප දමන තැනක් හමුවේය යන විශ්වාසයෙන් පසුවන මිණිපුර වේග මිණිකැට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ගමට ව්‍යාපෘතිය යටතේ...

තැන්නේ ඤාණානන්ද හිමිගේ ”පන්සලේ මල්සරා” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: තැන්නේ ඤාණානන්ද හිමියන් විසින් රචිත ''පන්සලේ මල්සරා"...

“වීරාභිවන්දනා” – මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ උපහාර උළෙල

දූරදර්ශී නායකයෙකු, පරිවර්තනීය බලවේගයක් සහ ඉදිරි පරම්පරාවන් සඳහා සැබෑ...

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.1% න් අවප්‍රමාණය වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : 2025 වසරේ මේ දක්වා...