හෙට සිට කාලගුණය යළි වෙනස් වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (25) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕන දෙයකට නායකයින්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධ වෙමු. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ!

කොළඹ LNW: ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව සියලු දෙනා එකට සිටිය...

මටත් ඉඩම් තුනක් තියෙනවා, කෝටි ගාණක් වෙයි. අපි කවුරුත් හිඟන්නු නෙවෙයි – NPP මන්ත්‍රී අරුණ

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීකයින් ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති...

පොතුවිල් මූලික රෝහලේ  තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW : නැගෙනහිර පළාතේ පොතුවිල්...