අප විස්වාස කළ යුත්තේ කෝකද ?

Date:

රජය නිෂ්පාදන ව්‍යාපාරවලින් ඉවත්වෙනවා නම් ඒකට මාත් එකඟයි.. හේතුව රජය කරන ව්‍යාපාර වල ඉහළම ඉන්නෙ ඇමතියෙක්.. දේශපාලකයින් සහ ඉහළම නිලධාරීන් හොරුබවට පත්කෙරෙන ජන්සන් එක තියෙන්නේ එතන..

රාජ්‍ය අංශයේ පාඩු සොයාබලන්න ඇක්ෂන් ගන්න කෙනෙක් නෑ. අලාබවල වන්දිය පැටවෙන්නේ කෙලින්ම ජනතාව මත..

පුද්ගලික අංශයේ තත්වය වෙනස්.. පුද්ගලික අංශයේ ආයතනයේ ආයෝජකයා පාඩුවකදී වහාම ඇක්ෂන් ගන්නවා.. එතනදි කොම්පැනි හිමියාට හොරු එලවන්ට වෙනමයි.. නැත්තං කොම්පැනිය වැහෙනවා.. රාජ්‍ය අංශය එහෙම නෑ. භාණ්ඩාගාරෙන් සල්ලි අරන් ඔහේ පාඩුවට දුවනවා.. අන්තිමේදී ගෙඩි පිටින් රට බංකොලොත් ..

මෙතන තියෙන උභතෝකෝටිකය නම් නලින්ද ජයතිස්ස රජය ව්‍යාපාර කරන්නෙ නෑ කියන කොට අනුර දානවා කියන සල්පියුරික් ෆැක්ටේරිය දාන්නෙ කවුද ?

මේක තවත් පැටලෙන්නේ ජ.වි.පෙ.ම තව පිරිසක් “රට විකුනං කනවා” කියලා සටන් පාඨයක් ගෙන යාමයි.. ඔවුන් කියන රට විකිනීම යනු නලින්ද කියන රාජ්‍ය ව්‍යාපාර වලින් රජය ඉවත් වීමේ ක්‍රියාවමය..

එක්කො ඔවුන් කියන දේ ඔවුන්ම නොදනී.. නැත්නම් ඔවුන් හැරෙන හැරෙන පැත්තට එක එක ඒවා කියයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...