රාහු කාලය බලන්න දෙයක් නෑ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශ කරන්න – NPP මැතිවරණ කොමිසමෙන් යළි ඉල්ලයි!

Date:

කොළඹ LNW: තවදුරටත් රාහු කාලය ගැන බැලීමක් අවශ්‍ය නොවන අතර හැකි ඉක්මණින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන ලෙස ජාතික ජන බලවේගය යළි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ දෙකෝටි විසිලක්ෂයක් එම තීන්දුව දෙස බලාගෙන හිඳින බවයි.

”අපි මැතිවරණ කොමිසමට කියන්නේ ඉක්මණින් දිනය ප්‍රකාශයට පත්කරන්න. ඔය හතර පස් දෙනා පැයකට එකතු වුණා නම් ඇති. දැන් සියල්ල සූදානම්නේ. තීන්දුව ගන්න විතරයි තියෙන්නේ. තීන්දුවත් අරගෙන ඇත්තේ. ප්‍රකාශයට පත්කරන්න විතරයි තියෙන්නේ. දෙකෝටි විසි ලක්ෂයක් බලාගෙන ඉන්නනවා මේ පස්දෙනාගේ තීන්දුව දිහා. ඒ නිසා ඉක්මණින් මේ තීන්දුව ගන්න. රාහුකලය ගැන බලන් ඉන්න එපා මේක ප්‍රකාශ කරන්න තීන්දුව ගන්න. ජනාධිපතිවරණයට රාහු කාලය නෙවෙයි තීන්දුව ගන්නත් රාහු කාලය පනිනවද දන්නේ නැහැ. ඒ නිසා රාහු කාලය බලන්න ඕනේ නෑ ඉක්මණින් තීන්දුව ගන්න කියන එක තමයි අපි කියන්නේ.”

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොමැති අතර දැනටමත් මේවර ජනතාවත් මාලිමාවට යන්න තීරණය කර අවසන් බවද විජිත හේරත් මහතා කියාසිටියේය.

”මේ වෙද්දී ජාතික ජන බලවේගය රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාව එක්ක දේශපාලනය කරනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයොත් අද දහස් සංඛ්‍යාත ගණනින් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් බිහි කරන්න. අපිට කාගේවත් අභියෝගයක් නැහැ. ජනතාව සංවිධානය කිරීම අපි දැනටමත් කරලා ඉවරයි. ජනතාව මේදා සැරේ මාලිමවට කියල තීන්දු කරලත් ඉවරයි.” යනුවෙන් විජිත හේරත් මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...