ලෝක සූර ආර්ජෙන්ටිනාවට නොසිතූ පරාජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 25, (LNW) කොළඹ :

ලෝක සූර ආර්ජෙන්ටිනාව හෝ අනු සූර ප්‍රංශය එම කණ්ඩායමම සමඟ ඔලිම්පික් තරග බිමේ දකින්නට නැහැ.එහෙත් දියුණු සහ දක්ෂයන් බහුල පාපන්දු සංස්කෘතීන් සහිත රටවල් හැටියට ඔවුන් අන් රටවලට අභියෝගයක් බව අවිවාදිතයි.ඊයෙ (ජූලි 24) ඔලිම්පික් පාපන්දු තරග ආරම්භක දවසේම මේ දක්ෂතාවයන්ට අභියෝග කරන මට්ටමට ලෝකයත් වර්ධනය වෙමින් බව පෙන්වමින් ආර්ජෙන්ටිනාව මොරොක්කෝව ඉදිරියේ 2-1 ක් ලෙස පරාජයට පත් වුණා.බොහෝ දෙනා දුටුව පරිදි ආර්ජෙන්ටිනාව දෙවන ගෝලයක් ලබා ගත්තත් එය නීත්‍යානුකූල නොවන බව විනිසුරු පැවසීමත් සමඟ එම ගෝලය ආර්ජෙන්ටිනාවට අහිමි වෙනවා.


මේ අතර ප්‍රංශය සිය සත්කාරකත්වය යටතේ පවත්වන ඔලිම්පික් උළෙලේ පළමු සහභාගීත්වය ඇමෙරිකාවට එරෙහිව ජයකින් සපුරා ගත්තා.ඒ ඇමෙරිකාවට එරෙහිව ගෝල 3-0 ක ජයක් ලබමින්.ඊයේ දවසේ හොඳම ජයග්‍රහණය ලබා ගත්තේ ජපානය වන අතර ඔවුන් 5-0 ක් ලෙස පැරගුවේ කණ්ඩායම පරාජය කළා.ඊයේ දවසේ සියලු තරගවල ගෝල සටහන් මේ සමඟ වන ඡායාරූපයේ දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...