*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

සංස්කෘතිය යනු සංවෘත වීමට භාවිතා කරන සමාන පදයක් නොවේ…

සංස්කෘතියයි ඉතිහාසයයි කියන්නෙ වෙන් කරන්න බැරි ආකාරයෙන් එකට බැදිලා තියන සංකල්ප දෙකක්. ඒකට එක හේතුවක් තමයි අපි ගොඩක් වෙලාවට හිතන් ඉන්නවා සංස්කෘතිය කියන්නේ ඉතිහාසයේ අපි ඇදුම් ඇදපු විදිය, කෑම කාපු විදිය, අපේ හිතේ තිබුන දේවල් ප්‍රකාශ කල විදිය දිගටම පවත්වාගෙන යාමයි කියලා.

සංස්කෘතියයි ඉතිහාසයයි වගේම සංස්කෘතියයි ජාතිකත්වයයි කියන්නෙත් එකිනෙකට බැදී තිබෙන සංකල්ප. ඒ මොකද තවත් බොහෝ දුරට අපි හිතනවා වෙනත් රටවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා. ඒ අර්ථයෙන් සංස්කෘතිය කියන්නේ තමන්ගෙ රට තුලට, එහෙම නැත්නම් තමන්ගෙ වර්ගය තුලට පමණක් සීමාවිය යුතු දෙයක් බවට අපි විශ්වාස කරනවා.

නමුත් ලිබරල්වාදීන්ට අනුව සංස්කෘතිය කියන්නේ අදහස් සහ එම අදහස් ප්‍රකාශ කරන ආකාරය. ඉතිහාසයේ වුනත් විශිෂ්ට කලාකෘති, සාහිත්‍ය කෘති වලින් නිරූපණය වන්නේ දැනුම සහ අදහස් ප්‍රකාශ කල ආකාරය.

ඉතින් සංස්කෘතියක් කියන්නේ අදහස් වෙළදපොළක පැවැත්ම වගේම එම අදහස් වෙළදපොළට සමාජයේ සිටින ඇති නැති සියලු දෙනාටම ඇතුල් වෙන්න තියන නිදහස සහ අයිතිය.

එමෙන්ම එම අදහස්වල ප්‍රතිලාභ ලබා ගන්න වගේම, එම අදහස් තුලින් නව අදහස් නිශ්පාදනය කරමින්, තම නව අදහස්, නව නිපැයුම් සමාජයට සම්ප්‍රේෂණය කරමින් තමාගේම ප්‍රේක්ෂක පිරිසක් ගොඩ නගා ගැනීමට සෑම මනුෂ්‍යෙකුටම ඇති අයිතිය.

අදහස් වෙළද පොළට සාධාරණ ප්‍රවේශය වගේම තම අදහස් සමාජයට බෙදාහැරීමට පවතින නිදහස තුලින් නිදහස් අදහස් වෙළදපොළක් නිර්මාණය වන අතර සංස්කෘතියක දියුණු බව රදා පවතින්නේ විශිෂ්ට අදහස් වල පැවැත්මෙන් පමණක් නොව සමාජයේ සෑම දෙනෙකුටම අදහස් වලට ප්‍රවේශ වීමට සහ තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස සහ සාධාරණත්වය මතයි.

ඒ අනුව සංස්කෘතියක් යනු රටකට හෝ වර්ගයකට සීමා වන දෙයක් නොව දේශසීමා අභිබවමින්, මනුශ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වන දෙයකි.

තමාට විශිෂ්ට අදහස් නිර්මාණය කල හැක්කේ හැකි තාක් වෙනත් අදහස් පරිශීලනය කිරීමෙන් වන අතර, තමා නිර්මාණය කරන අදහස් වඩා කාර්‍යක්ෂමව බෙදා හැරිය හැක්කේ දියුණු වන තාක්ෂණය භාවිතා කිරීම තුලින් ය. ඒ වගේම තම රටෙහි ප්‍රේක්ෂකාගාරය අභිබවමින් මුලු ලෝකයටම තම අදහස් ගෙන යාමට නම් හැකි තාක් ලෝකයට විවර වීම අවශ්‍ය වේ.

ඒ අනුව සංස්කෘතිය දියුණු කිරීමට වෙහෙසෙන ඔබේ මගේ අවධානය යොමු විය යුත්තේ නව තාක්ෂණයට සහ ලෝකයට විවර වීමට අපේ රටේ ඈත ගම් දනව් වල සිටින තරුණයටාත්, සුලුතර ජන කොටස්වලටත් සමාන සාධාරණ අයිතිය සහතික කරන දේශපාලන රාමුවක් සකස් කිරීම කෙරෙහිය.

අවසන් වශයෙන් සංස්කෘතිය යනු සංවෘත වීමට භාවිතා කරන සමාන පදයක් නොවන බව මතක තබා ගත යුතුය.

නීතීඥ නාමිණී පණ්ඩිත

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan