තුන් පිම්මට පෙර සඳරුවන් පැන්න පිම්ම ගැන සරසවි අධ්‍යාපනය පසුපසට පැනීමේ කතාවක් නැද්ද?

Date:

නිශ්මං රණසිංහ ජූලි 25, කොළඹ LNW:

ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සබරගමුව විශ්ව විද්‍යාලයේ අවසාන වසරේ අවසාන වසරේ සිසුවෙකු වන චමෝද් සඳරුවන් කණ්ඩායම අත හැර පළා ගොස් ඇති බව වාර්තා වෙනවා.ඔහු සිව්වන වසරේ සිසුවෙක්.ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුළ පාසල් ජීවිතයෙන් ඉනික්බිතිව ඇරඹෙන සරසවි ජීවිතය ගෙවෙන්නට,අනතුරුව යහපත් ජීවිතයක බලාපොරොත්තු සපල කර ගනිමින් හොඳ ජීවිතයකට එබෙන්නට නියමිත අවසාන මොහොතේ වෙසෙන සඳරුවන්ගේ ජීවිතයේ අඳුර මකන්නට සඳක් උදා වී නැති බව නොවේද මේ පළා යාමෙන් අදහස් වන්නේ.


සරසවි අධ්‍යාපනය ඒ ජීවිතවල බලාපොරොත්තු ඉටු කරන තැනකට ඔවුන්ව තල්ලු කර නොමැති බවට ලංකාවේ අධ්‍යාපනයේ,ආර්ථිකයේ සහ සමාජ පසුබිමේ ඛේදවාචකය අමතක කර සඳරුවන්ට ගල් ගැසීම ඇරඹීමට පළමුව ජීවිතයේ අවසාන සරසවි වසරේ ඉන්න සිසුවෙකුව පැන යාම ගැන සිතන්නට ඇති තාර්කික කරුණු ගැන අදහසක් ගන්න සමාජය උත්සාහ කළ යුතුය.


සරසවි අධ්‍යාපනයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ශාරිරික අධ්‍යාපනය සහ ක්‍රීඩාව උපාධියක් ලෙස හදාරන සඳරුවන්,මේ තත්ත්වයට පත්වන්නේ කැපවීමෙන් පුහුණුවීම් කිරීම නිසා විය යුතුය.හැබැයි සරසවි අධ්‍යාපනයට අදාළ අධ්‍යාපනය තුළ මේ කාරණයට අවධානය ප්‍රමාණාත්මකව හිමි වන්නේ නැත.මේ සරසවියේම ඉගෙනුම ලැබූ රොෂාන් රණතුංග ජාතික වාර්තාලාභියෙකු වූවේය.ක්‍රීඩාව ඉගෙන ගන්නා ජාතික සූරයෙකු ඊ ළඟ අධ්‍යයන වර්ෂයක කතිකාචාරයවරයෙකු ලෙස අත්හදා බැලිය හැකි මට්ටමට,ඔහුගේ පුහුණුවට හානියක් නොවන විදිහට අතිරේක අධ්‍යයන කාලයක් යොදා ගෙන ඔහුගේ ඉගෙනීම් නඩත්තු කරන්න ක්‍රමයක් හෝ ඒ ආකාරයට කැපවෙන්නට ක්‍රමයක් සරසවි අධ්‍යාපනය තුළ නැත.


ප්‍රායෝගික ක්‍රීඩාව භාවිතයේදී අතපසු වෙන දැණුම තනිව හඹායාම මිස නැවත ඒ වෙනුවෙන් ඒ ජාතික වටිනාකමට අගයක් දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක නැත.ඒ නිසා සරසවි අධ්‍යාපනය නිමාවේ සඳරුවන්ලා හෝ රොෂාන් රණතුංගලාගේ ලෝකය සමඟ ගැටෙන්නට හැකි ශක්‍යතාවයන් සහ ඔවුන්ගේ ප්‍රායෝගික භාවිතය ඔවුන්ට පසු පරම්පරාවේ අධ්‍යාපනයට උපදෙස් දෙන චරිත බවට පත්වන්නේ නැති තරම්ය.විභාග සඳහා අදාළ පැමිණීම ආදිය සියල්ල සම්පූර්ණ කිරිම වැදගත්ම කාරණය වන අතර සරසවි අධ්‍යාපනය තුළ ක්‍රීඩාව වැඩිපුරම තිබෙන්නේ කට පාඩම් විෂයක් හැටියටය.එහි ප්‍රායෝගික හැකියාවන් ඇගයීමට,ඔවුන් ක්‍රීඩා පිටියේ තමන් නියෝජනය කරන ක්‍රීඩාවේ ප්‍රායෝගික දියුණුව වෙනුවෙන් කරන කැපවීමට දිරිදීම හෝ සහය දීම සිඳුවන්නේ ඉතාමත් අඬුවෙන්ය.
ඒ නිසා බොහෝ විට ජාතික තලයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් රට නියෝජනය කරන්නට සුදුසු වූ චරිත ඊ ළඟ පරම්පරාවට ඉගැන්වීමේ කටයුතු කරන පරමාදර්ශ ලෙස හමුවන්නට තියෙන ඉඩ ඉතා අඩුය.ඒ නිසා මේ ප්‍රවෘත්තිය ඇතුළේ චමෝද් සදරුවන්ට ගල් ගැසීමට ගල ගන්න කෙනා ඊට පෙර සරසවි ක්‍රීඩා අධ්‍යාපනය තුළ ප්‍රායෝගිකව වැඩි බරක් තමන් නියැලෙන ක්‍රීඩාවේ ප්‍රගතිය තබන අයෙකුට එයින් ලබා ගත හැකි ප්‍රතිපලය කවරේද යන ගැටළුව ද සාකච්ඡා කළ යුතුව ඇත.


මේ කාරණා වසර ගණනක සිට අප විසින් පෙන්වා දෙන කාරණාය.ක්‍රීඩා අමාත්‍යවරයා දෙටු මාධ්‍ය සඟයන් කැඳවා එතුමා සියල්ල දන්නා නිසා මාධ්‍ය විසින් පෙන්වා දෙන කරුණුවලින් දැන ගන්නට දෙයක් නැති බවට හඟවද්දිත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සරසවිය තුළ ක්‍රීඩකයාගේ ප්‍රායෝගික ක්‍රියාකාරම්වලට වටිනාකමක් දෙන තත්ත්වයක් නිර්මාණය කිරීමේ අවශ්‍යයතාවය ද අවධාරණය කිරීමට පියවර ගත්තේ එබැවින්ය.එහෙත් විශ්ව විද්‍යාල පද්ධතිය වැනි තැනක ක්‍රීඩාව ඇත්තේ ක්‍රීඩාව විෂය භාර අමාත්‍යංශයටවත් ඇහුං කං නොදෙන මට්ටමකය.එය ඉහළින්ම තිබෙන බමුණු කුලයක ආධිපත්‍යය විඳහා පෙන්වන භූමියක්ය.නවක වදය අයිතියක් ලෙස සිතන සිසු පරපුරක් සැකසෙන්නේ සරසවිය තුළ පොළව සම්බන්ධ නොවන ලෙස දැණුම භාවිතාවට ගන්නා ක්‍රමවේදයක් තුළය.


උසස් අධ්‍යාපන විෂයභාර අමාත්‍යවරයා ද කරුණු පෙන්වා දෙමින් ඒ වන විටත් ආසියාවත් ඉක්මවා ජයග්‍රහණ ගෙනා ක්‍රීඩිකාවකට සබරගමුව සරසවිය ලබා දුන් විට ඇයගේ පුහුණු කටයුතු වෙනුවෙන් ජයවර්ධනපුර සරසවිය ලබා ගැනීමට ගත් උත්සාහයකට මම ද කළෙකට පෙර සම්බන්ධ විමි.එහෙත් එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව තඹයකට මායිම් කළේ නැත.ඒ නිසා ශිවන්ති කුමාරි සේනානායක නම් ශ්‍රී ලංකාවට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් පාසල් වියේදීම ගෙන දුන් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට අහිමි විය.දන්නා තරමින් ඇය අද රටෙත් නැත.සරසවි අධ්‍යාපනය විසින් ඇයගේ ක්‍රීඩාව ඇයට පමණක් නොව රටට ද අහිමි කළේය.


ඒ නිසා චමෝද් රට කෑවේ නැත.ඒ නිසා ඔහුට දේශද්‍රෝහියාට එල්ල කරන ගල් පහර වෙනුවට ඔහුටත් රටටත් ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල සංවර්ධනය වෙනුවෙන් පෙරළුණු ගල් ඇත්නම් ඒ ගල් ඉදිරිය දකින මාවතෙන් ඉවත් කර අනිත් ක්‍රීඩකයන්ට හෝ තමන් නියැලෙන ක්‍රීඩාවෙන් වැඩි ප්‍රගතියක් අත් කර ගන්නට හැකි ඉඩක් නිර්මාණය කර දිය යුතුව ඇත.එසේම ලංකාවේ සරසවි අධ්‍යාපන ලබා අවසාන වසර දක්වාම එහි ඉගෙනීම් කටයුතු කළ සිසුවෙකුට තමන් වසර හතරක් තිස්සේ කරන ලද කැපවීම් අත හැර වෙනත් රටකදී ජීවිතයෙ සතුට සොයා පලා යන්න සිතෙනවානම් එය ද ලංකාවේ සරසවි අධ්‍යාපනයේ යම් ඛේදණිය තත්ත්වයක් බව ද නොකියා බැරිය.


ඒ නිසා සංචාරයක් අතරතුර මෙවැනි අතුරුදහන්වීම් එවැනි රටකට ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබා ගනිද්දී ප්‍රශ්නයක් විය හැකිය.එහි තර්කයක් නැත.ඒ නිසා සඳරුවන් පැන ගොස් ඇත්නම් එහි රටට වෙන අනර්ථයක් ඇත.එහෙත් ඔහුට ලසන්නට පෙර ලංකාවේ විශ්ව විද්‍යාලවලට සිතන්නට බොහෝ දේ ඇත.තමන් එසේ හැඟීමක් සරසවි සිසුවෙකුට ඇති වෙන්නට ඔවුන්ගේ අභිමතාර්ථ පෙර මඟට ගල් පෙරළා ඇද්ද කියා සිතීම එහිදී වඩා වැදගත්ය.මෙය වෙනම ක්‍රීඩාව,උසස් අධ්‍යාපනය වැනි කේෂ්ත්‍ර තුළ සිටින ප්‍රවීනයන් එක්ව සාකච්ඡාවට ගත යුතු කාරණයක්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කළේ කුමක්ද ?

රනිල් අරගලයෙන් පස්සේ බලය ගත්ත එක සහ එම බලය...

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්...

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...