රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට දින දෙයි! අල්ලස් කොමිසමටත් නොතිසි!

Date:

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (25) තීරණය කර තිබේ.

ඒ,අදාළ පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව බල රහිතකර ඇප මත මුදාහරින ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් අගෝස්තු මස 07 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නොතිසි නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් එය මහෙස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කර සිටි අතර එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු මහෙස්ත්‍රත්වරිය විසින් ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබුණි.

ඒ අනුව මහෙස්ත්‍රත්වරියගේ මෙම නියෝගය ඇප පනතේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් ඒ අනුව එය ප්‍රතිශෝධනය කර තම සේවාදායකයා ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමට අදාළ නොතිසි නිකුත් කර විභාගයක් පවත්වනතුරු තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීන්දු කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සේනානායක සහ ඩඩ්ලි සිරිසේන

උපාලි කොළඹගේ කොළඹ LNW:මෙතෙක් සාමාන්‍ය ජනතාව අතර පිළිගැනීම වූයේ අභාවප්‍රාප්ත...

‘බස් ලලියා’ගේ ගෝලයින් 4ක් STF දැලේ!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මෙරට සංවිධානාත්මක...

හෙට (27) දින මාලදිවයිනට විශේෂ දිනයක්!

රෂිකා හෙන්නායක ජූලි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙට (27)...

පොලිසිය අවසන් සටනට

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...