සියළු ව්‍යාපෘති කඩිනම් කරන්න – ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Date:

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය පසුගියදා අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත් විය.

අමාත්‍යංශයට අනුබද්ධව ක්‍රියාත්මක වන ග්‍රාම සංවර්ධන කාර්යංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, වැඩිහිටියන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සමජ ආරක්ෂන මණ්ඩලය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය, සමාජ සේවා දෙපාර්තමේතුව, ග්‍රාම සංවර්ධන සහ පුහුණු පර්යේෂණ ආයතනය, ජාතික සමාජ සේවා ආයතනය, ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය යන දෙපාර්තමේන්තු හා ආයතනයන්හි 2025 වර්ෂයේ ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඒ අනූව විශේෂයෙන් ප්‍රජා ශක්ති ජාතික වැඩසහන යටතේ රේඛීය අමාත්‍යශ හා එක්ව දියත් කර ඇති ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන සහ ඉදිරි වසර පහ තුළ අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri Lanka වැඩසටහන මෙන්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සුබසාධන ව්‍යාපෘති සහ සංවර්ධන වැඩසටහන් හි ප්‍රගතිය සොයාබලන්නට විය.

2025 අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන අනූව ගැටළු අවම කරගනිමින් සියළු වැඩසටහන් හා ව්‍යාපෘති කඩිනම් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

එක් එක් ආයතන හා දෙපාර්තමේන්තුවලට අදාල ඉලක්ක, මේ වසර අවසන් වන විට සපුරාලීමට සියළු නිළධාරී කැපවීමෙන් වැඩකල යුතු බවත් එමගින් සමස්ත රටේ සංවර්ධන ක්‍රියාවලියට අමාත්‍යංශයේ උපරිම දායකත්වයක් ලබා දිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා හා අමාත්‍යංශයට අනුබද්ධ සියළුම ආයතන හා දෙපාර්තමෙන්තු ප්‍රධානීන් හා ඉහල නිළධාරීහු මෙම අවස්තාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘බස් ලලියා’ගේ ගෝලයින් 4ක් STF දැලේ!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මෙරට සංවිධානාත්මක...

හෙට (27) දින මාලදිවයිනට විශේෂ දිනයක්!

රෂිකා හෙන්නායක ජූලි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙට (27)...

පොලිසිය අවසන් සටනට

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

කාම්බෝජය තායිලන්තය සමඟ කොන්දේසි විරහිත සටන් විරාමයක් ඉල්ලා සිටියි

සටහන: සශිකලා මධුෂාණි ජුලි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය හා කාම්බෝජය...