සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ කාරක සභා පුරප්පාඩු දෙකකට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා පත්කර තිබේ.
ඒ අනුව, නිශාන්ත ජයවීර මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ නියෝජිතයකු වශයෙන් පත්කර ඇත.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (03) හී විධි විධාන ප්‍රකාරව ජූලි 24 දින තේරිම් කාරක සභාව විසින් නිශාන්ත ජයවීර මහතා එම කාරක සභාවල සේවය කිරීම පිණිස නම් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) නිවේදනය කළේය.
හිටපු වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකු සහ හිටපු ජනාධිපති අතිරේක ලේකම්වරයකු වන නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ පසුගිය ජුලි 09 වනදා ය.
