හිටපු ඇමති හර්ෂණගේ පුරප්පාඩු දෙකකට නව මන්ත්‍රී නිශාන්ත පත්කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ කාරක සභා පුරප්පාඩු දෙකකට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා පත්කර තිබේ.

ඒ අනුව, නිශාන්ත ජයවීර මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ නියෝජිතයකු වශයෙන් පත්කර ඇත.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (03) හී විධි විධාන ප්‍රකාරව ජූලි 24 දින තේරිම් කාරක සභාව විසින් නිශාන්ත ජයවීර මහතා එම කාරක සභාවල සේවය කිරීම පිණිස නම් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) නිවේදනය කළේය.

හිටපු වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකු සහ හිටපු ජනාධිපති අතිරේක ලේකම්වරයකු වන නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ පසුගිය ජුලි 09 වනදා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...