චෙම්මනි ඛේදවාචකය:දෙවන අදියරේ 20 වැනි දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගනී! (PHOTOS)

Date:

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි කොටස් සොයාගත් ස්ථානයේ කැණීම්වල දෙවන අදියරේ 20 වැනි දිනය,එනම් අද (25) දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගෙන තිබේ.

ඉන් 81ක් අධිකරණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ගොඩගෙන ඇත.

එම ස්ථානය තවත් කැණීමක් ආරම්භ කිරීම සඳහා වන ස්කෑන් පරීක්ෂාවට අදාළ නියෝගය හෙට දින ලැබීමට නියමිතයි.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත එම කැණීම් කටයුතු සිදුවන අතර හමු වූ අස්ථි කොටස් සහ භාණ්ඩ අංකනය කොට වර්ගීකරණය කිරීමේ කටයුතු යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙයි. ඒවා යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා හා මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ ගබඩා කර ආරක්ෂා කිරීමට කටයුතු කර සලස්වා තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...