විනිසුරුවරු අධිකරණයේ ආචාර ධර්ම හා සම්මතයන් බිඳ දැමීම සමාව දිය නොහැකි පාපයක් – අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW :

විශ්‍රාම යාමට නියමිත අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ චාරිතානුකූල සමුදීමේ උත්සවයක් පැවැත්වුණු බව සඳහන් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දු, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට හේතුවූ බව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය එම උත්සවය අමතමින් කියා සිටි බව පැවසේ.

තමන් මීට වසර 45කට පමණ පෙර නීති ශිෂ්‍යාවක් ලෙස අලුත්කඩේ ප්‍රදේශයට පැමිණි බවත් ඉන් පසුව නීතිඥ සංගමයේ සාමාජිකාවක බවට පත්වී අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක මෙන්ම අග්‍ර විනිශ්චකාර ධුරයටද පත්වීමට හැකි වූ බව සඳහන් කර ඇත.

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ 48වන අග විනිසුරුවරිය ලෙස පත්වීමට තමාට හැකි වූ බව පෙන්වා දුන් අගවිනිසුරුවරිය අග විනිසුරුවරයෙකුගේ කාර්යභාරය හුදෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම පමණක් නොවන බවද අවධාරණය කර ඇත.

වැඩිදුරටත් ඇය සඳහන් කර ඇත්තේ,. විනිසුරුවරු අධිකරණයේ ආචාර ධර්ම හා සම්මතයන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් එම සම්මතයන් බිඳ දැමීම සමාව දිය නොහැකි පාපයක් බවත් ය.

මෙම සම්මතයන් ආරක්ෂා කිරීමට සියලු අධිකරණවල විනිසුරුවරු බැඳී සිටින බවද අගවිනිසුරුවරිය කියා සිටි බව වාර්තා වේ..

මේ වන විට තරුණ තරුණියන් විශාල පිරිසක් නීති ක්ෂේත්‍රයට පිවිසෙන බවත් ඔවුන් විවිධ ගැටලුවලට මුහුණ පාන බවත් ඔවුන් නීතියේ ආචාර ධර්ම හා සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් ඇය මෙහිදී ප්‍රකාශ කර ඇත.

අධිකරණයේ ස්වාධීනත්වය සහ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා විනිසුරු මණ්ඩලයේ මෙන්ම නීතිඥ මණ්ඩලය ද අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු යුතුයි. අගවිනිසුරුවරිය පැවසුවේ, එම දෙපාර්ශවයේ සහයෝගය තමන්ට ලැබුණු බවයි .

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය සඳහන් කර සිටියේ, . ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවගේ අයිතිවාසිකම් මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ද ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් ප්‍රධාන නඩු තීන්දුවලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් වී ඇති බවත් ය.

ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, . ඊට තමන්ද කොටස්කාරියක වීම ගැන ආඩම්බරයට පත්වන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාන්ට්ගේ අවධානය මකා මතු වූ රූට්ගේ අභිමානය

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: වර්තමානයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ...

ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන IMF වෙතින් පැසසුම්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව...

සතෙකු වුවත් ඇයත් මවක්: හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතනයේ සුලමුල …

රෂිකා හෙන්නායක ජූලි 27කොළඹ LNW : හීනුගල රක්ෂිතයේ මුවදෙනකු...

ඩඩ්ලි සේනානායක සහ ඩඩ්ලි සිරිසේන

උපාලි කොළඹගේ කොළඹ LNW:මෙතෙක් සාමාන්‍ය ජනතාව අතර පිළිගැනීම වූයේ අභාවප්‍රාප්ත...