මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව – තවත් 2000කට වැඩි දෙනෙක් අත්අඩංගුවේ!

Date:

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (24) දිනය පුරා ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බලකායත්, ත්‍රිවිධ හමුදාවත් එක්ව සිදු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසන්නේ පොලිස් නිළධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුලුව පුද්ගලයන් 7100කට අධික පිරිසක් ඊට සහභාගී වූ අතර එහිදී පුද්ගලයන් 25671 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 10360 ක් හා යතුරු පැදි 7833ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇති බවයි.

මෙම මෙහෙයුම් අතරතුරදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1504 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160 මිලිග්‍රෑම් 809ක ප්‍රමාණයක්ද හෙරොයින් ග්‍රෑම් 214 මිලිග්‍රෑම් 705ක ප්‍රමාණයක් ද ඇතුළත්ව මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

එපමණක් නොව එම විශේෂ වැටලීම්වලදී අපරාදවලට සෘජු ලෙස සම්බන්ද බවට හඳුනාගත් පුද්ගලයන් 22 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම විවිධ වැරදි සමබන්ධයෙන් වරෙන්තුකරුවන් 520 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

2025 ජුලි මස 18 වන දින සිට 2025 ජුලි 24 දින දක්වා සතිය තුළදී සුලු, මධ්‍ය හා මහා පරිමාණ ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තුළදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක්ද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක්ද ගංජා කිලෝ 82කට අධික ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද කාලගුණය!

කොළඹ LNW:අද (13) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,...

2021 සිට 2025 දක්වා හිටපු ජනාධිපතිවරුන්ව රජයෙන් බලාගත්ත බලාගැනිල්ල මෙන්න!

කොළඹ LNW: විශ්‍රාමික ජනාධිපතිවරු සහ වැන්දඹූ භාර්යාවන් සඳහා 2021...

පොදු ජනතාවට නැති වරදාන වරප්‍රසාද වෙන කිසිවෙකුටත් අවශ්‍ය නෑ – නි. ඇමති ප්‍රසන්න ගුණසේන

කොළඹ LNW:ජනතාවට නොලැබෙන වරදාන, වරප්‍රසාද වෙනත් කිසිවෙකුටත් ලැබිය යුතු...