ජපානයේ සකුරාජිමා ගිනිකන්ද සක්‍රිය වේ. අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ.

Date:

ජපානයේ කියුෂු අර්ධද්වීපයේ පිහිටා ඇති සකුරාජිමා ගිනිකන්ද ඊයේ(24) දින සිට අළු සහිත දුම්වලා පිට කරන බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ. මේ වන විට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර අවට ප්‍රදේශයේ වැසියන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරෙන බවද වාර්තා වේ. ගිනි කන්දට මුහුණලා සිටින නගර දෙකක පදිංචිකරුවන් 120 කට පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් වන ලෙස උපදෙස් ලබා දී ඇත. මේ වන තෙක් කිසිදු අනතුරක් හෝ ජීවිත හානියක් සිදු වී නොමැත.

NASA ආයතනයට අනුව සකුරාජිමා යනු ජපානයේ වඩාත් සක්‍රියතම ගිනිකන්ද වේ. එය අවස්ථා ගණනාවකදී පුපුරා ගොස් ඇති අතර අවසන් වරට එය පුපුරා ගියේ මෙම වසරේ ජනවාරි මාසයේ ය.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ ආවාටයේ සිට කිලෝමීටර් 3ක් ඇතුළත ගිනිකඳු පාෂාණ කඩාවැටීම සහ කිලෝමීටර් 2ක් ඇතුළත ලාවා, අළු සහ සීරිං වායුව ගලා යා හැකි බවයි.
තෝකියෝවේ සිට කිලෝමීටර් 1000ක් පමණ නිරිත දෙසින් පිහිටි සකුරාජිමා ගිනි කන්ද 1914 දී පුපුරා යාමෙත් සමඟ දූපතක්ව පැවැති කියුෂු කලාපය පසු අර්ධද්වීපයක් බවට පත්ව ඇත.

සශිකලා මධුෂාණී-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...