ජපානයේ සකුරාජිමා ගිනිකන්ද සක්‍රිය වේ. අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ.

Date:

ජපානයේ කියුෂු අර්ධද්වීපයේ පිහිටා ඇති සකුරාජිමා ගිනිකන්ද ඊයේ(24) දින සිට අළු සහිත දුම්වලා පිට කරන බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ. මේ වන විට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර අවට ප්‍රදේශයේ වැසියන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරෙන බවද වාර්තා වේ. ගිනි කන්දට මුහුණලා සිටින නගර දෙකක පදිංචිකරුවන් 120 කට පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් වන ලෙස උපදෙස් ලබා දී ඇත. මේ වන තෙක් කිසිදු අනතුරක් හෝ ජීවිත හානියක් සිදු වී නොමැත.

NASA ආයතනයට අනුව සකුරාජිමා යනු ජපානයේ වඩාත් සක්‍රියතම ගිනිකන්ද වේ. එය අවස්ථා ගණනාවකදී පුපුරා ගොස් ඇති අතර අවසන් වරට එය පුපුරා ගියේ මෙම වසරේ ජනවාරි මාසයේ ය.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ ආවාටයේ සිට කිලෝමීටර් 3ක් ඇතුළත ගිනිකඳු පාෂාණ කඩාවැටීම සහ කිලෝමීටර් 2ක් ඇතුළත ලාවා, අළු සහ සීරිං වායුව ගලා යා හැකි බවයි.
තෝකියෝවේ සිට කිලෝමීටර් 1000ක් පමණ නිරිත දෙසින් පිහිටි සකුරාජිමා ගිනි කන්ද 1914 දී පුපුරා යාමෙත් සමඟ දූපතක්ව පැවැති කියුෂු කලාපය පසු අර්ධද්වීපයක් බවට පත්ව ඇත.

සශිකලා මධුෂාණී-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...